
(රංජන් කටුගම්පොල)
පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් channel 4 නාලිකාවේ හෙළිවූ තොරතුරු මත තමන් ත්‍රස්තවාදය වැළැක්විය පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවූම් නියෝගයක් යටතේ තබාගැනීම වළකාලන ආඥාවන් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම පෙතසමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, රහස් පොලිස් අධ්‍යක්ෂ ෂානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කර ඇති විශේෂ අභියාචන පෙතසමේ මෙසේ සඳහන් වේ.
ජනමාධ්‍ය මගින් තමන් මෙරටින් පිටවීම වළකාලන නියෝගයක් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති බවට තොරතුරු දැනගන්නට ලැබී ඇත.
මෙම තත්ත්වය තුළ චැනල්ෆෝ නාලිගාවෙන් හෙළිවූ තොරතුරු මත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් ත්‍රස්තවාදය වැළැක්විය පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවූම් නියෝග යටතේ තබා ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සමකරු සිය පෙත්සමෙන් කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ කුහක සිංහලයන්ට තව ටික දවසකින් මුල ඉදන්ම යුද්ධ කරන්න පුළුවන්. එදාට ඔබතුමාගෙ වටිනාකම ඔවුන්ට තේරෙයි.