
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් සකස් කෙරුණු විශ්වාසභංග යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මියට මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ ඇයගේ කාර්යාලයේදී බාර දෙනු ලැබීය.
එම යෝජනාවට විවිධ චෝදනා පනහක් ඇතුළත් වී තිබීම විශේෂත්වයකි. ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙපමණ චෝදනා ලොකු ප්‍රමාණයක් ඇතුළත් කෙරෙන පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු විශ්වාසභංග යෝජනාව මෙයයි.
කතානායකවරයාගේ නිල නිවස රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා භාවිත කරන ගමන් නිවාස නොමැති ඇමතිවරුන්ට නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ රජයේ උසස් නිලධාරීන්ට දෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ කොළඹ ලොරිස් පටුමගේ නිල නිවසක් ලබාගැනීම, කතානායක නිල නිවසේ නඩත්තුව සඳහා අට දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් යෙදවීම සහ ඔවුන්ට වැටුප් සහ දීමනා ලෙස මාසිකව රුපියල් හත් ලක්ෂ හැටදහසක මුදලක් සහ ජල විදුලි බිල්පත් හා නඩත්තුව සඳහා අවශ්‍ය කෙරෙන වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේටද කොළඹ 04 ලොරිස් පටුමගේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් අංක 4-3 දරන නිවාසය පෞද්ගලික මැදිහත්වීමෙන් ලබා දී රජයට පාඩු කිරීම සහ රාජ්‍ය දේපළ අවභාවිතයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම, කතානායක නිල නිවසේ උප ලේඛනගත භාණ්ඩ වන කොට්ට උර සහ තුවා ඇතුළු උපකරණ නිසි අවසරයකින් තොරව පිටට ගෙන යෑමෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, නිල වශයෙන් හිමිවන නිල වාහන දෙකට අමතරව පාර්ලිමේන්තුවේ WP NC4923 වෑන් රථයද ලබාගෙන එම වාහන වලටද ඉන්ධන ලබා ගැනීම, කතානායක මාධ්‍ය ඒකකය නමින් ඒකකයක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයට අයත් උපකරණ අනීතිකව ලබා ගැනීම, කතානායකවරයාගේ පෞද්ගලික භෝජනාගාරයේදී පෞද්ගලික ලේකම්වරයා සමග දිවා ආහාරය ගෙන අමුත්තකුට ගෙවිය යුතු මුදල නොගෙවා සිටීමෙන් පාඩුවක් කිරීම සහ කතානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඔවුන් ඉල්ලන පහසුකම් නොදෙන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කතානායකවරයා සහ පෞද්ගලික ලේකම්වරයා දෝෂාරෝපණය කරමින් ඔවුන් ස්ථාන මාරු කරමින් අභ්‍යන්තර පාලනයට මැදිහත්වීමෙන් ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය කිරීම යනාදී චෝදනා මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත්වේ.
යෝජනාව බොහෝ දුරට ලබන පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගැනෙනු ඇත.
විවාදය සඳහා දින දෙකක් ඉල්ලා සිටීමට විපක්ෂය බලාපොරොත්තු වෙයි.
එසේම මෙම යෝජනාවට සහාය ලබාදීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ හිටපු දූෂිත කතානායකවරු කියපු කරපුවා ,පක්ෂග්රාහීව කටයුතු කරන කොට නිදාගෙන හිටපු දේසපාලුවෝ දැනුයි නැගිටලා තියෙන්නේ?