ඊශ්‍රායලයේ 18 ක් මරුට: 3730 ක් රෝහලේ ඉරානය, ඊශ්රායපලයට එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, 3730 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. 23 March 2026
ඉරාන වැසියෝ 1,444 ක් මරුට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට එල්ල කරන ප්‍රහාරවලින් ඉරාන වැසියන් 1,444 දෙනකු මියගොස් ඇතැයි ඉරාන සෞඛ්‍ය අමත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ඉරාන වැසියන් ගණන 18,551 කි. 23 March 2026
ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දෙන්න සූදානම් ඇමෙරිකාවේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට මුහුණ දීමට තමන් සූදානම් බව කියුබාව පවසයි. කියුබා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දීමට කියුබා හමුදාව මේ වනවිට සීරුවෙන් තබා ඇති බවය. 23 March 2026
සැඟවු තෙල් තොගයක් යාපනය-කිලිනොච්චියෙන් සොයාගනී යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ කළ වැටලීම් වලදී ඩීසල් ලීටර 5,470 ක් , පෙට්‍රල් ලීටර 2,020ක් සහ භූමිතෙල් ලීටර 420 ක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි. 23 March 2026
හෝමාගම-පිටකොටුව බස් වර්ජනයක් ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ෂව මාර්ග අංක 138 හෝමගම - පිටකොටුව පෞද්ගලික බස් රථ අද (23) ධාවනයෙන් ඉවත් වී තිබේ. 23 March 2026
තෙල් ඉතිරියට සෞඛ්‍යයෙන් අලුත් වැඩක් වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත. 23 March 2026
සුවඳවිලවුන්-ඖෂධ සමඟ 05ක් ගුවන් තොටේදී අත්අඩංගුවට රුපියල් එක් කෝටි දහසය ලක්ෂ හැත්තෑ දෙදහස් හයසියයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි ,ඖෂධ වර්ග සහ සුවඳ විළවුන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ දෙස් - විදෙස් ගුවන් මගීන් 05 දෙනෙකු සමඟ අද (23 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 March 2026
අනුර- කළුකඩ මුදලාලි කෙනෙක් වෙලා අසාමාන්‍ය ඉන්ධන මිල ඉහළ දැමීම වැඩබැරි කයිවාරුකාර පුනරුද ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන “කළුකඩ සූදුවක්” බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය. 23 March 2026
ඉරානයෙන් දිගටම අනතුරු ඉරානය සතු විදුලි බලාගාර ඉලක්ක කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළහොත්, ඊට ප්‍රතිචාර වශයෙන් ගල්ෆ් කලාපීය රටවල බලශක්ති සහ ජල පද්ධති වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. 23 March 2026
බොර තෙල් මිල ඉහළට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. මෙහිදී වඩාත් අවධානයට ලක්වූ කරුණ වන්නේ ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස සැලකෙන ’වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල දීර්ඝ කාලයකට පසු යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා යෑමය. 23 March 2026
ඩී.ජේ.පාටිය බලන්න කුඩුත් අරන් ඇවිත් මත්ද්‍රවය රැගෙන වරාය නගරයට ඇතුළු වීමට පැමිණි තරුණයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් කොටුව පොලිසිය සඳහන් කරයි. 22 March 2026
බස් ගාස්තුව සියයට 10 ට වඩා වැඩි වෙයි බස් ගාස්තු සකස් කිරීමේ සූත්‍රයට ඩීසල් මිල ඉහළ යෑම ගැළපූ විට බස් ගාස්තුවට සියයට 10 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යන බවත් ඉහළ දැමූ බස් ගාස්තු යෝජනාව අනුමැතිය සඳහා කැබ්නට් මණ්ඩලයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 March 2026
’’ජනතාවට රුපියල් 10000 ක සහනාධාරයක් දෙන්න’’ ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේදී සෑම පවුලකටම කොව්ඩ් පැතිරුණු සමයේදී ගෝඨාභය රජය දුන්නාසේ රුපියල් දස දහසක සහනාධාර මුදලක් දෙන ලෙස හිටපු අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 22 March 2026
නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂක වරයකු වු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බිගේඩියර්වයකු අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 22 March 2026
සෆාරි රථය යතුරු පැදි කරුගේ හිස මතින් යයි කතරගම සිට සෙල්ලකතරගම දෙසට එමින් තිබූ සෆාරි ජීප් රථයක් මහසෙන් වට රවුම හංදියේදී රිදුරුගේ දකුණු පසින් ධාවනය කළ යතුරුපැදි කරුවකුගේ ගැටී ඔහු බිම ඇද වැටීමෙන් පසු හිස මතින් ධාවනය වීමෙන් යතුරුපැදි කරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. 22 March 2026
කොළඹ නොමිලේ වාහන නවත්වන්න දුන් තීරණය අත්හිටුවයි කොළඹ නගරයේ රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු නැවත අය කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ. 22 March 2026
’’ මීට පස්සේ ලයිට් එන්නේ ඩීසල් වලින්’’ ජනතාවට මින් පසු රෑට ලයිට් එන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් තෙල් සංස්ථා සභාපති ඩී.ජේ රාජකරුණා මහතා අද (22)පැවසීය. 22 March 2026
අනතුරින් සැරයන් මරුට:බිරිය ඇතුළු හතරක් රෝහලට පොලිස් සැරයන්වරයකු පැදවූ කුඩා ලොරියක් එහි වේගය පාලනය කරගත නොහැකිව කැලේදිවුල්වැව ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි බස් නැවතුම් පලක ගැටි සිදුවු අනතුරින් සැරයන්වරයා මියගොස් තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා අද රෝහල් ගත කළ බව එප්පාවල පොලිසිය කියයි. 22 March 2026
දුර ඉදන් එන ලොකු දොස්තරලාට ඉන්ධන කෝටාවක් ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන්ට අමතර ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 22 March 2026
ඉස්සරහට එන්න තියන ඉන්ධන නැව් මෙන්න බොර තෙල් නැව් දෙකක් නොපැමිණීමේ අර්බුදයට පිළියමක් ලෙස පසුගිය 5 වැනි දා ටෙන්ඩර් කැඳවූ බවද ඒ අනුව අප්‍රේල් 6,7 සහ 8 යන තෙදින ඩීසල් මෙට්‍රික් ටොන් 37000 නැව් දෙකක් පැමිණීමට නියමිත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 22 March 2026
අනිද්දා එන්න තිබූ බොරතෙල් නැව එන්නේ නෑ මාර්තු 24 සහ 25 දිනවල ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90000ක බොරතෙල් නැව පැමිණෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවකදී අද (22) පැවසීය. 22 March 2026
යුද්දෙ හෙට නැවතුනත් ලංකා ආර්ථිකයේ හානිය අවසන් වෙන්නෙ නෑ යුද්ධය හෙට අවසන් වුණත් තෙල් නිෂ්පාදන යටිතල පහසුකම් වලට එල්ල වී තිබෙන බලපෑම් අනුව ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම එක රැයින් අවසන් වන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී කීය. 22 March 2026
යතුරුපැදිය ඇළට පෙරැළි පිසී මරුට බලංගොඩ පින්නවල ඉන්ධන පිරවුම් හලේ රාත්‍රියේ රාජකාරි කර නිවස බලා යමින් සිටි පින්නවල පොලිසියට අනියුක්තව සේවය කළ කොස්තාපල් වරයෙකු කණතිරියන්වෙල ප්‍රදේශයේ දි අද (22) මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පැවැසීය. 22 March 2026
කිව්.ආර් හොරු 159ක් කොටු කිව්.ආර් කේතය ලබා ගැනීමේදී නීත්‍යානුකූල වාහන හිමිකරුවන්ට එම කිව්.ආර් කේතය බාගත කර ගැනීමට නොහැකි වන අයුරින් නීති විරෝධී ලෙස කිව්.ආර් බාගත කර ගත් ජංගම දුරකථන අංක 159ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී පැවසීය. 22 March 2026
‘සිනොපෙක්’ සුපිරි ඩීසල් රුපියල් 219 කින් නගී ‘සිනොපෙක්’ සමාගම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122 කින් ඉහළ දමා තිබේ. 22 March 2026
බලශක්ති ඇමැතිට හතරවටින්ම විරෝධය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස විවිධ පාර්ශ්ව රජයෙන් දැඩිව ඉල්ලීම් කර ඇතැයි වාර්තාවේ. 22 March 2026
ලක්ෂ හැටක් කිව්.ආර් අරගෙන මේ වන විට ලක්ෂ හැටක් කිව්.ආර් සඳහා ලියාපදිංචි වී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය. 22 March 2026
බස් ගාස්තු සංශෝධනය අමාත්‍යංශයට යවයි ඩීසල් මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු ඉහළ දමන ලෙස ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ සදඟා වන වාර්තාව සකස් කර ප්‍රවාහන අමාත්‍යංශයට යොමුකරන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල අද (22) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 22 March 2026
බස් ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමිය යුතුයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බස් ගාස්තුව සියයට 15 කින් ඉහළ දැමිය යුතු බවත් එහිදී අවම බස් ගාස්තුව රුපියල් 35 ක් කළයුතු බවත් බස් සංගම් අද (22) පැවසීය. 22 March 2026
මෝටර් රිය අඩි 30ක් පහළට: 4ක් රෝහලට හංවැල්ල ලබුගම පතගිවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකට පැමිණි මෝටර් රථයක් අද (22) දහවල් එම උත්සව ශාලාව අසලදී අඩි 30 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයෙහි සිටි දරුවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි 22 March 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026