(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ මංසන්දිය ආසන්නයේ පැවති දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කර පුද්ගලයින් 06 දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අදාල කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙකු ලබන 16 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමගම වැඩ බලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා අද (06) දින නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ අදාල අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු බව කියන අත්තනායකගේ දොන් වසන්ත සහ එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නැමැත්තෙකි.

සැකකරුවන් දෙදෙනා අද දින මීගොඩ පොලිසිය වෙත නීතිඥයකු සමග පැමිණීමෙන් පසු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.