(කේ බුද්ධික කුමාරසිරි)

මීගොඩ මංසන්දිය අසල පැවති රෝටී දන්සල් පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් කැබ් රථයක් ධාවනය වීමෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 07 දෙනකුට බරපතල තුවාල සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අදාල කැබ් රථයේ හිමිකරු සහ තවත් අයකු අද (06) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මෙලෙස අක්බඅඩංගුවට ගෙන ඇත්තේ කැබ් රථයේ හිමිකරු බව කියන , කුඩමාදූව, සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පදිංචිකරුවකු සහ පැලැන්වත්ත, පන්නිපිටිය ලිපිනයේ පදිංචිකරුවකි

සැකකරුවන් දෙදෙනා අද දින මීගොඩ පොලිසිය වෙත නීතිඥයකු සමග පැමිණීමෙන් පසු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සිටින අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.