
(චමිලා අල්විස්)
හොරණ අරඹකන්ද ප්රදේශයේ නිවසකදී අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ එල්ල කළ මන්නා පිහි ප්රහාරයකින් සැමියකු මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අරඹකන්ද ,දකුණු මාහේන ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි ෂර්ලි ගුණවර්ධන යන පුද්ගලයෙකි.
නිවස තුළදී අඹුසැමි දෙපළ අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැමියා මන්නා පිහියක් රැගෙන බිරිඳට පහර දීමට උත්සාහ කර ඇති අතර එහිදී ඔවුන්ගේ දියණියන් මැදිහත් වී ආරවුල සමථයකට පත්කර ඇති බවය.
අනතුරුව බිරිඳ එම මන්නා පිහියම රැගෙන සැමියාට පහර කිහිපයක් එල්ල කර ඇති අතර, බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd