මෝටර් රිය අඩි 30ක් පහළට: 4ක් රෝහලට හංවැල්ල ලබුගම පතගිවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකට පැමිණි මෝටර් රථයක් අද (22) දහවල් එම උත්සව ශාලාව අසලදී අඩි 30 ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයෙහි සිටි දරුවන් දෙදෙනෙකු ඇතුලු සිව් දෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි 22 March 2026
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10 කින් ඉහළ යයි ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බහලුම් ප්‍රවාහන රථ ගාස්තු සියයට 10 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමිට යුතු බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. 22 March 2026
ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ත්‍රීරෝද ගාස්තුවේ පළමු කිලෝමීටරයේ ගාස්තුව අනිවාර්යෙන්ම රුපියල් 20 කින් ඉහළ දැමිය යුතු බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් අද (22) පැවසීය. 22 March 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව පසු කරන්න ඩොලර් ලක්ෂ 20ක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කිරීමට අවස්ථාව ලබාදීම සඳහා ඉරානය ඇතැම් නෞකාවලින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 622 ක් පමණ) අය කිරීමට තීරණය කර ඇති බවත් එම තීරණය දැනටමත් ක්‍රියාත්මක වන බවත් ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජිකයෙකු වන ඇලෙඩින් බොරෝජර්ඩි ඉරාන් ඉන්ටර්නැෂනල් පුවත් සේවය වෙත පසුගියදා ප්‍රකාශ කර තිබිණි. 22 March 2026
මවූස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට මවූස්සාකැලේ හා කාසල් යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බැසලා පැරණි මස්කෙළිය නගරයේ සිද්ධස්ථානවල නටඹුන් යළි මතුව තිබේ. 22 March 2026
ඉරානයෙන් ඊශ්‍රායලයට,ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ඉරානයේ සතුරන් වන ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ලෝකය පුරා තිබෙන ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත තවදුරටත් ආරක්ෂිත නොවනු ඇතැයි ඉරාන හමුදා ප්‍රකාශක ජෙනරාල් අබොල්ෆාස්ල් ෂෙකර්චි පසුගියදා අනතුරු ඇඟවූවේය. 22 March 2026
විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1 විදුලි බිල වැඩිවීමේ තීරණය අප්‍රේල් 1 වැනිදා මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය. 22 March 2026
ඩීසල් ලීටරයකින් ආණ්ඩුවට රුපියල් සීයක පාඩුවක් ඩීසල් ඩීටරයකින් රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක් රජයට පාඩු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මහතා මාධ්‍ය හමුවේදී අද පැවසීය. 22 March 2026
අවුරුදු මාසේ විදුලි කැපිල්ලක් නෑ ටෙන්ඩර් නිසි පරිදි ලබා දී ඇති හෙයින් ලබන මාසේ ඉන්ධන අර්බුදයක් හෝ විදුලි කැපිල්ලක් නැතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී අද පැවසීය. 22 March 2026
තැපැල් පාර්සල් බෙදීම දවසක් හැර දවසක් තැපැල් පාර්සල් බෙදා හැරීම දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපල් දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2026
ගිනි අවි අත්මාංචු සමඟ දෙන්නෙක් අල්ලයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ උපදෙස් මත විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි දෙකක් , අත්මාංචුවක් සහ ජීව උණ්ඩ සමග අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 22 March 2026
විපක්ෂෙට මඩ නොගහා යාළු රටකින්වත් තෙල් ගන්න බලන්න වර්තමානයේ ආණ්ඩුව ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 22 March 2026
කැනඩා ගිය යානය ආපසු දිල්ලියට දිල්ලියේ සිට කැනඩාවේ වැන්කුවර් බලා පියාසර කළ එයාර් ඉන්දියා සමාගමට අයත් AI185 ගුවන් යානය, තාක්ෂණික හා පරිපාලනමය දෝෂයක් හේතුවෙන් පැය 8 කට ආසන්න කාලයක් අහසේ රැඳී සිටීමෙන් පසු යළි දිල්ලියටම ගොඩබස්වා ඇතැයි පැවැසෙයි. 22 March 2026
කටාර් හෙලිකොප්ටරයක් අනතුරේ කටාර් රාජ්‍යයට අයත් හමුදා හෙලිකොප්ටරයක් එරට මුහුදු සීමාවට කඩා වැටී ඇතැයි පැවැසෙයි. යානයේ පිරිස සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 22 March 2026
හෝමූස් විවෘත කරන්න පැය 48 ක් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල කරන බාධා වහාම ඉවත් නොකළහොත්, එරට බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර ඇත. 22 March 2026
වන අලියාගේ පහරදීමෙන් ගොවියා මරුට පොළොන්නරුව දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ගොවිමහතෙකු මියගොස් ඇති බව දියබෙදුම පොලිසිය කියයි. 22 March 2026
පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට? ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ දෙවැනි වරටත් පාසල් සිසු ප්‍රවාහන ගාස්තු ඉහල දැමීමට සිදුවෙන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසු ප්‍රවාහන සංගමය අද(22) අම්බලන්ගොඩදී පැවති මාධය හමුවකදී කීවේය 22 March 2026
හඟුරක්ගොඩ අනතුරකින් අයෙක් මරුට:පහක් රෝහලට හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රධාන මාර්ගයේ හතේ කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ත්‍රිවිල් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත් වීඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි. 22 March 2026
සුවනාරි වාර්තාව මාස 10ක් ප්‍රමාද වෙලා සුවනාරී සායනයෙන් තරුණ කාන්තාවක සිදුකළ පරීක්ෂණයක වාර්තාවක් මාස 10 ක් ප්‍රමාද වීමෙන් ඇයගේ ගර්භාසය ඉවත් කිරීමට සිදුවූ අවාසනාවන්ත පුවතක් වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් වාර්තාවේ. 22 March 2026
පළාත් දෙකකට සවස වැස්ස බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 March 2026
බයිසිකලය ’’කප්’’ ගහයි ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් විද්‍යුත් වාහන වලට සහ පාපැදියට මේදිනවල ලොකු ඉල්ලුමක් පවතින බව වාර්තාවේ. 22 March 2026
ගාලු තැපැල් දුම්රියට පොලිසියෙන් පනී කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හදිසි පරික්ෂාවකට ලක් කළේය. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු ද තවත් පුද්ගලයෝ හතර දෙනෙක්ද සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. 21 March 2026
ඉන්ධන මිල ඉහළ දමයි පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධනවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 21 March 2026
කථිකාචාර්යවරිය ඝාතනය කළ දුව-බෑනා අත්අඩංගුවට යාපනය විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ ජෙෂ්ඨ කථිකාචාර්යවරියක ගෙල සිරකර ඝාතනය කර මන්නාරම කැලෑ බද ප්‍රදේශයක දමා ගිය බව කියන එම කථිකාචාර්යවරියගේ දියණිය සහ බෑනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව යාපනය පොලිසිය පවසයි. 21 March 2026
මෝටර් රථයක් දුම්රියක ගැටී යුවළක් රෝහලේ මෝටර් රථයක් දුම්රියක ගැටී පෙම් යුවළක් රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 21 March 2026
ඉන්ධන කෝටාව වැඩි කරයි QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍ය රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. 21 March 2026
යාලදි වනජිවියට වෙඩි තියයි යාල ජාතික උද්‍යානයේ කටගමුව වැව ආසන්නයේදී වනජීවී නිලධාරීන්ට වෙඩි තැබූ කිසියම් පිරිසක් මෝටර් රථයකින් පලා ගොස් ඇති බව කටගමුව අඩවි ආරක්ෂක නිලධාරී කේ. සුජීව නිශාන්ත මහතා සඳහන් කළේය. 21 March 2026
‘‘ජනතාවාදී ජනහිතකාමී රටක් වෙනුවෙන් එජාපය සමග එකතු වෙනවා‘‘ ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 21 March 2026
ඇල්ල සංචාරක නගරයට සංචාරයක් විශාල පිරිසක් උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල බලා ධාවනයවූ පොඩිමැණිකේ දුම්රියෙන් අද (21) දහවල් ඇල්ල සංචාරක නගරයට විදේශීක සංචාරකයන් විශාල පිරිසක් පැමිණියහ . 21 March 2026
අධිවේගයේ ආසන පටි නීතිය කල්දමයි අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇත. මෙම නීතිය ඊයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ 21 March 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026