
(අංජුල මහික වීරරත්න)
සමස්ත රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ එක් පියවරක් ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා විධිමත් පද්ධතියක් ඔස්සේ වර්ධනය කිරීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර කර තිබේ.
ඒ පිළිබඳ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් රුවන් සෙනරත් හා එරංග වීරරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වේගයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ සේවා ප්‍රමාදයන් මඟහැරවීම සඳහා නිලධාරීන්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙහිදී රාජ්‍ය සේවය "පුද්ගලයන් මත පදනම් වූ" සාම්ප්‍රදායික ක්රමවේදයක සිට "පද්ධති මත පදනම් වූ" නවීන ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය දැඩිව අවධාරණය කෙරිණි.
විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුළ පවතින තාක්ෂණික බිය ඉවත් කර, ඔවුන් තුළ ඩිජිටල් කුසලතා පිළිබඳ කැමැත්තක් ඇති කිරීමත්, නිලධාරීන්ගේ නොදැනුවත්කම නිසා සිදුවන සයිබර් ප්‍රහාර සහ දත්ත අවදානම් වළක්වා ගැනීමට සයිබර් ආරක්ෂණ දැනුම ලබා දීමත් මෙහිදී ප්රමුඛ කාර්යයක් ලෙස හඳුනා ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd