කෝටි 8 ක කුෂ් තොගයක් කටුනායකින් අල්ලයි
රුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු , කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී , ’’ රැන්ඩි ’’ නැමති නිල පොලිස් සුනඛයාගේ සහාය මත , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (13) දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.