(අංජුල මහික වීරරත්න)

මදුරු මර්දනය සඳහා විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.එනම් ජුනි 8,9 සහ 10 යන දින තුන මදුරු මර්දන තෙදිනක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙම දින තුනේදී මදුරු මර්දනය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු විශේෂ ක්‍රියාකාරකම් සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.