පරිගණක-ආලේපන-දුම්වැටි සමඟ දෙන්නෙක් අල්ලයි
රුපියල් ලක්ෂ පනහක් වටිනා නවීනතම ජංගම දුරකථන , ටැබ් පරිගණක , රූපලාවන්‍ය ආලේපන සහ දුම්වැටි සහ ගංජා ඔතන කඩදාසි තොගයක් රැගත් ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද(12 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .