ඉඩම් ලොක්කන්ට නොතිසි
ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, වන ජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නොවැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කරමින් අද නොතිසි නිකුත් කළේය.