තැන් 12කට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.