
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ තෙල් මිල වැඩිකිරීමේ එකම හේතුව රජය බාල ගල්අඟුරු ආනයනය තුළින් රටට කළ පාඩුව ජනතාවගෙන් අයකර ගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (1) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (1) පැවති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද පැවසීය. “අපේ රටේ ආර්ථිකය ඉතාම සීග්‍ර ලෙස කඩාවැටෙමින් පවතිනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ආණ්ඩුව භාරගන්න විට ශ්‍රී ලංකාවේ සියයට පහේ ප්‍රමාණයේ තිබුණු ආර්ථික වර්ධන වේගය මේ වන විට සියයට තුන දක්වා පහළ ඇති බවට නිල නොවන ආරංචි මාර්ගවලින් ප්‍රකාශ කර තිබෙනවා. මේ තත්වය රටක් හැටියට ඉතාම නරක තත්වයක්. මන්ද මේ රටේ සංචිත වැඩිකරගත යුතුයි. නමුත් 2024 අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා රට භාරගන්න අවස්ථාවේදී තිබුණු සංචිත ප්‍රමාණය මේ වන තෙක් වැඩිකරගැනීමට හැකියාව ලැබි නැහැ. ඒ වගේම මේ රටේ තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් රජය නොගන්නා බව පෙනි යන්නේ. මේ රජය ආර්ථිකය සම්බන්ධයෙන් තිබෙන එකම විසඳුම හැටියට පෙන්වා දෙන්නේ ජනතාවට වැඩි ලෙස බදුගැසීම, ඉන්ධන මිල වැඩිකිරීම සහ විදුලිබිල වැඩිකිරීම කියන කාරණා තුනයි. මේ කාරණා තුනෙන් ජනතාවගෙන් සුරාගනිමින් සල්ලි එකතු කර මහා භාණ්ඩාගාරයේ ටි්රලියන ගණන් මුදල් තිබෙනවා කියලා පුරසාරම් දොඩන්න ආණ්ඩුව දන්නවා. නමුත් මේ කරන කාරණා මත මේ රටේ ආර්ථිකය කඩාවැටීමක් සිදුවන්නේ. මන්ද ඉන්ධන මිල, බදු බර, විදුලිබිල වැඩි වූ විට එහි ප්‍රධානම බලපෑම සිදුවන්නේ රටේ සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට. මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට ව්‍යාපාර කරගැනීමට නොහැකි තත්වයට මේ රට පත්කර තිබෙනවා වත්මන් ආණ්ඩුවයි”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd