(ගයාන් සූරියආරච්චි)

ගිනි අවි බලපත්‍රයක් ලබාගෙන මාස 6 ක් ගිය පසු ළගම පිටිහි පොලිස් ස්ථානයට ගිනි අවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ එහි අංකය සැසදෙන බවට සහතිකයක් ලබාගත යුතු බව ආරක්ෂක කවුන්සිලයෙන් බලපත්‍රලාභීන්ට දැනුම්දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව මෙම වසරේ ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව මෙම ගිනි අවි සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

මින් ඉදිරියට සෑම මාස 6 කට වරක් ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර පරීක්ෂා කර සහතික නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ට දැනුම්දී ඇත.