
(සුජිත් හේවාජුලිගේ)
මීගොඩ රොටි දන්සලකදී හය දෙනකු කැබ් රථයකට යටවී මිය යෑම සහ තිදෙනකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව යංගල්මෝදර අනතුරේදී මෙන් නීතිපතිවරයාට මිනීමැරුම් චෝදනාව යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ හැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.
කෙසේ වෙතත් එසේ කටයුතු කළ හැක්කේ මූලික පොලිස් විමර්ශන සහ මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන කටයුතු අවසන්වීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය.
අනතුර දැක දැක නොසැලකිලිමත් ලෙස වාහනය එහා මෙහා ගැනීමෙන් මෙම මරණ චේතනාවිතව කර ඇති බවක් පෙනී යන බව පැවැසූ මහාචාර්යවරයා යාන්ගල්මෝදරට වඩා මෙය දරුණු තත්වයක් වන්නේ ඒ නිසා බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේදී යථාර්ථ වගකීමක් ලෙස සලකා නීති සංශෝධනයක් ගෙන අා හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
යාන්ගල්මෝදර අනතුර සිදුවූයේ 2005 වසරේදී බවත් දීර්ඝ නඩු විභාගයකින් පසු 2013 වසරේදී කුරුණෑගල මහාධිකරණය එහි රියදුරැට සහ කොන්දොස්තරවරයාට මරණීය දණ්ඩනය නියම කරමින් තීන්දුව නිකුත් කළ බවත් මහානාම හේවා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කිසිදු තත්ත්වයක් යටතේ අනුමත කළ නොහැකි අතිශය ශෝචනීය හා කම්පනකාරී සිදුවීමකි. රියදුරු මත්පැන් පානය කරමින් වාහනය ධාවනය කර ඇති බව තහවුරු වුවහොත්, එය මිනිස් ජීවිතවල වටිනාකම සහ මහජන ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ නොසැලකිල්ලක් හා වගකීම් විරහිත හැසිරීමක් ලෙස සැලකිය යුතුය. මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අහිංසක ජීවිත විනාශ වන විට, වගකිව යුතු සියලු දෙනා නීතිය ඉදිරියේ සම්පූර්ණයෙන්ම වගකිව යුතු අතර, කිසිදු බලපෑමකට හෝ අනුකම්පාවකට ඉඩ නොදී දැඩිව හා තීරණාත්මකව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටුවීම අත්‍යවශ්‍ය වන අතර, මෙවැනි භයානක හා නොසැලකිලිමත් ක්‍රියාවන්ට ශිෂ්ට සමාජයක කිසිදු ඉඩක් නොමැති බව පැහැදිලි පණිවිඩයක් සමාජයට ලබා දිය යුතුය.
ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටියදී, රිය පැදවීම හිතාමතා සිදු කළ දෙයක් ලෙස නොසැලකේ. මෙම රියදුරු විශාල VIP හෝ සම්බන්ධිත පුද්ගලයෙකු බව පෙනේ. පොලිසිය සහ මාධ්‍ය ඔහුව සඟවා පරීක්ෂණ ප්‍රමාද කරමින් සිටී. බහු අනුවාදයන් ගෙන එයි.. ලිහිල් නීතිමය ක්‍රියාවලීන් ඇති කරයි.. ඔහු කවුද????
වාහන පදවන්නන් වගේම පදිකයිනුත් ප්‍රවේශමෙන් සිටිය යුතු නැද්ද ඇපලපිටිය ප්‍රදේශයෙන් නෑදෑ ගෙදරකට පිරිසක් ආවනම් ඔවුන්ට කන්න බොන්න නොදී මධ්‍යම රාත්‍රියේ රොටී දන්සැලට කැදවා ගොස් කටයුතු කිරීම හරිද .වර්තමානයේදී දකින්න පුලුවන් දෙයක් තමයි සමහරක් එවුන් වාහනයක් ආවත් මාර්ගයෙන් ඉවත්නොවී පාරට පස්ස හරවා ඔලුව හරවා බැලිම උන්දැලා හිතන්නෙ උඹලට ඕනෑනම් පලයල්ලා අපි අයින්වෙන්නෙ නැහැ වගේ සිටීම මෙතනත් එහෙමම වෙන්න ඇති කියල හිතෙනවා රියදුරුට පමණක් වරද පැටවීම හරිද කියල බලනවානම් හොදයි
රෑට තියා දවල්ටවත් යන්න බැරි අයිනේ ඉඩ නැති පටු පාරක මහජන එකතුවක් අැතිකිරීමට දායක වූවන් , නිලයන් අැතුලුව, සම්බන්දයෙන් ඔබට අමතක වුනාද?