අස්වැසුම සිකුරාදා ගිණුම්වලට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දීමනාව සිකුරාදා(12) අස්වැසුම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 10 September 2025
හිටපු ජනපති හිමිකම් කපන පනත සම්මතයි හිටපු ජනාධිපති වරප්‍රසාද කප්පාදු කිරීමේ පනත වැඩි ඡන්ද 150 කින් සම්මත විය. 10 September 2025
මොරටුව හිටපු නගරාධිපති රිමාන්ඩ් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ලබන 23 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්.බෝදරගම මහතා අද නියෝග කළේය. 10 September 2025
මහින්ද - වාසු බලන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටින හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ නිවසට ගියේය. 10 September 2025
කෙහෙළියගේ නඩුවකට දින දෙයි රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ හයදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ලබන 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (10) නියම කළාය. 10 September 2025
පොලිසියට බේත් කරයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල් වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන ’’ආරෝග්‍යා’’ ජංගම සුව සායන වැඩසටහනේ පළමු වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් අද(10)පැවැත්විණි. 10 September 2025
හිටපු නගරාධිපති සමන් ලාල් අත්අඩංගුවට මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 September 2025
හිටපු ජනාධිපතිලාගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නෑ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමක් ගැන පනතේ කිසිම තැනක සඳහන්ව නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය:-(ජා.ජ.බ) පැවැසුවාය. 10 September 2025
මහින්ද මැද මුලනට යන්න සූදානම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 September 2025
නේපාලයේ මිලේච්ඡ ක්‍රියා අනුමත කළ නොහැකි බුදුන් වහන්සේ උපන් නේපාලයේ මෙලෙස මිලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 September 2025
සම්පත් මනම්පේරිගේ මෝටර් රියක් ඇඹිලිපිටියෙන් සොයාගනී ඇඹිලිපිටිය නවනගරයේ ගරාජයකට ගෙන්විත් දමා තිබු නවීන මෝටර් රථය මිද්දෙණියේ සම්පත් මනම්පේරි යන අය භාවිතා කළ බවට සැකකර සිය බාරයට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය කියයි. 10 September 2025
ජනපති හිමිකම් කපනවට විරුද්ධව ඡන්දෙ දෙන්නෙ නෑ ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න බලාපොරොත්තුවක් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 September 2025
මේ ඉරිසියාව,වෛරය, ක්‍රෝධය හිතේ තියාගෙන ගෙනා පනතක් ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 September 2025
හිටපු ජනපති හිමිකම් කපන විවාදය ඇරැඹේ ජනාධිපති වරප්‍රසාද පනත රටේ නීතියට මෙන්ම මිහිඳු මාහිමි කී දේටත් පටහැනි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ විවාදය අරඹමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 September 2025
ඇල්ල බසය බ්රේක් නැතිවත් ලොකු ගියරයක ගිහිල්ලා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15 දෙනකුට මරු කැඳවා 18 දෙනකුට තුවාල සිදුකරමින් අනතුරට පත් විනෝද චාරිකා බස් රථයේ අනතුරට හේතුව වී ඇත්තේ බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් දැනට සිදු කර ගෙන යන පරීක්ෂණ කටයුතු වලින් අනාවරණය කරගෙන තිබේ. 10 September 2025
මධූෂ්ට සාධාරණයක් ඉල්ලා බිරිය පොලිස් මූලස්ථානයට | වීඩියෝ හිටපු පාතල ක්‍රියාකරුවකු හා මත් ජාවාරම්කරුවක ලෙස ප්‍රසිද්ධව සිටි මා කඳුරේ මධූෂ්ගේ ඝාතනයට සාධාරණය ඉල්ලා මදුස්ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියාය. 10 September 2025
ඇල්ල අනතුරේ බස් රථ හිමිකරු අත්අඩංගුවට ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ප්‍රපාතයට වැටුණු බස් රථයේ නඩත්තු කිරීම් නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවැසීය. 10 September 2025
නියෝජ්‍ය ඇමතිවරයෙක්ට එරෙහිව විශ්වාස භංග ගේන්න පුළුවන් නියෝජ්‍ය අමාත්‍යවරයකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න හැකියාවක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 September 2025
ශ්‍රී ලංකාව-නේපාලය අතර ගුවන් ගමන් අත්හිටුවයි ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද (10) උදෑසන සිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය . 10 September 2025
කතානායකටත් විශ්වාසභංගයක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මීට ස්වල්ප මොහොතකට පෙර පැවසුවේය. 10 September 2025
අරුණගේ විශ්වාසභංගය කුණු කූඩෙට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 10 September 2025
ලංකාව කාලගුණ ආපදා වැඩි රටක් ලෙස හඳුනාගනී ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපාය මාර්ගය (2025-2030)ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 10 September 2025
රෝහල් රාජකාරියට බාධා කළ වෛද්‍යවරයා අත්අඩංගුවට තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි 10 September 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා අත්අඩංගුවට ඉන්දියාවේ දිල්ලි නුවර සිට මෙරටට ගුවන් යානයකින් රැගෙන ආ කුෂ් කිලෝ 10 සහ ග්‍රෑම් 750ක් සමඟ ඉන්දියානුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 10 September 2025
සැකකාරිය පොලීසියෙන් මිදි පැන ගිහින් හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂාවට සිටි කාන්තාවකගේ ගහණයෙන් මිදී පලා ගොස් ඇති බව හූරිගස්වැව පොලිසිය පවසයි. 10 September 2025
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 September 2025
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු හවුල්කාරිත්වයෙන් වාසි ගොඩක් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 10 September 2025
කටාර් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුතු මරුට කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. 10 September 2025
විරෝධතාකරුවන් නේපාල් අගමැති බිරිය පණ පිටින් ගිනි තබලා නේපාලයේ හිටපු අගමැති ජාලානාත් කනාල්ගේ භාර්යාව වන රජ්‍යාලක්ෂ්මි චිත්‍රකර් විරෝධතාකරුවන් විසින් පණ පිටින් ගිනි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ(09) වාර්තා කළේය. 09 September 2025
වනාන්තර එළි පෙහෙළි කිරීම ගැන රෙගුලාසි එළඹෙන දෙසැම්බරයේ යුරෝපා සංගමයේ වනාන්තර එළි පෙහෙළි කිරීම නියාමනය කිරීම පිළිබඳ රෙගුලාසි එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිත බවත් එම රෙගුලාසිවල අරමුණ වෙළෙඳ භාණ්ඩ හතක් ආශ්‍රිතව සිදුවන වන විනාශය නියාමනය කිරීම බවත් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ නවතම අධ්‍යන වාර්තාවක් පෙන්වා දුන්නේය. 09 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025