සහන දීමනා දෙකක් 31ට පෙර ගෙවන්නැයි නියෝග නිවාස පිරිසිදු කර ගැනීම සඳහා වන රුපියල් 25,000 සහ ගෘහ උපකරණ මිලදී ගැනීමට අදාල රුපියල් 50,000ක දීමනාව මෙම දෙසැම්බර් 31 දිනට පෙර ජනතාවට දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 21 December 2025
වැසිකිළි වළකට වැටී දරුවෙක් මරුට අරලගංවිල කන්දේගම ගම්මානයේ අසල ගෙවත්තක වතුර පිරී තිබූ වැසිකිළි වළකට වැටිමෙන් අවුරුදු දෙකක පිරිමි දරු වෙකු මියගොස් ඇති බවයි අරලගංවිල පොලිසිය කියයි. 21 December 2025
ටිපර් රියදුරු ඝාතන සිද්ධියේ 5 දෙනා රිමාන්ඩ් පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය. 21 December 2025
අද වහින තැන් නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 21 December 2025
කල්පිටිය ග්‍රාම නිලධාරිහු ආපදා රාජකාරිවලින් ඉවත්වෙති කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සියලු ග්‍රාම නිළධාරීවරුන් අද සිට, ආපදා සහන රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමයේ කල්පිටිය ශාඛාව, කල්පිටිය වැඩ බලන සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ප්‍රියදර්ශණී මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත. 20 December 2025
බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට : 7 ක් රෝහලේ අද සවස තලාතුඔය කෝන්ගහකොටුව ප්‍රදේශයේදී පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් හත්දෙනෙකු ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත. 20 December 2025
’’පේරේ’’ පීඨ දෙකක් 29 විවෘතයි ගංවතුරට හසු වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පීඨ තුනෙන් පීඨ දෙකක් මේ මස 29 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසීය. 20 December 2025
ඉම්රාන් ඛාන්ට බිරිඳට 17 වසරක සිරදඬුවම් පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී නීති විරෝධී ලෙස රාජ්‍ය ත්‍යාග ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත් කිරීමෙන් පසු පකිස්ථාන අධිකරණයක් විසින් වසර 17 ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 December 2025
ප්‍රා.ලේ ගංවතුර ආධාර දෙන්න අවදානම් ගමනක කරුවලගස්වැව ප්‍රාදේශිය ලේකම් එස්.මාතරාරච්චි මහත්මිය ජලගැලීම් හා ගංවතුර හේතුවෙන් හානිය පිළිබඳව නීලබැම්ම ව්‍යාපාරයේ ගෙයින්ගෙට ගොස් තොරතුරු එකතු කරමින් ගෘහ උපකරණ වෙනුවෙන් රජය ලබාදීමට නියමිත රුපියල් 50,000 සහන දීමනාවට අදාළ ඉල්ලුම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කළේය 20 December 2025
ශ්‍රීලනිප බැංකු ගිණුම නවත්වන්න දයාසිරි ඉල්ලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම පිළි නොගන්නා හෙයින් අක්‍රිය වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැංකු ගිණුම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියාකරන ලෙසට මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 20 December 2025
එළවළු මිල ඉහළ ගිහින් අයහපත් කාලගුණයෙන් වගා බිම් රැසක් විනාශවීම හේතුවෙන් එළවළු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑමෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටිති. 20 December 2025
රට නගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 2.5ක් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රට ගොඩනගන අරමුදලට රුපියල් මිලියන 25 ක පරිත්‍යාගයක් කළේය. 20 December 2025
ජනපති අරාබියට ස්තුති කරයි ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළේය. 20 December 2025
අඹේවෙළ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට දිට්වා සුලි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයෑමෙන් දින 23කට පසු අඹේවෙළ සිට බදුල්ල දක්වාත් බදුල්ලලේ සිට අඹේවෙළ දක්වත් දුම්රියන් දෙකක් (20) දින උදෑසන 9:30ට ධාවනය කරනු ලැබුවා. 20 December 2025
පින්නලන්දේ ගල් පෙරළීමේ අවදානමක්: පවුල් 6ක් ඉවතට හල්දුම්මුල්ල මාලදොළ පින්නලන්ද ප්‍රදේශයේ අද 20 අලුයම විශාල ගල් පර්වත කිහිපයක් නාය යාම සමඟ එම ආසන්නයේ අවදානම් ලෙස පදිංචිව සිටින පවුල් හයක පුද්ගලයින් එකොළොස් දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස වහාම ඉවත්කළ බව හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල ඉඳුනිල් රත්නායක මහතා පැවසීය. 20 December 2025
’’දිට්වා’’ රජයේ බිල්ඩින් 2000කට පාඩු කරයි කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි දෙදහසකට වැඩි ප්‍රමාණයකට පාඩු සිදුව ඇතැයි වාර්තාවේ. 20 December 2025
ලොරි රථයක ගැටී එක් අයෙකු මරුට - අයෙක් රෝහලට නාත්තන්ඩියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ ලොරි රථයක, පුද්ගලයන් දෙදෙනකු ගැටීමෙන් එක් අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත. 20 December 2025
මැතිසබේ මන්ත්රීලාට ලොකු නිවාඩුවක් අයවැය ලේඛනය සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වර්ෂ අවසානයේ දිගු නිවාඩුවක් ලබාදී ඇත. 20 December 2025
ලොක්කෝ විස්සක් මැතිසබය හැර යති දීමනා හා පහසුකම් අඩුකම මෙන්ම වෙනත් විවිධ හේතු කාරණා හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු විවිධ තරාතිරම්වල නිලධාරීන් විසි දෙනෙකු පසුගිය වසරක පමණ කාලයේදී පාර්ලිමේන්තු සේවය හැර ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 20 December 2025
යෞවන ක්‍රීඩා උළෙල ඇරැඹෙයි ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2025 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ දී ඇරැඹිණි. 20 December 2025
පළාත් තුනකට අදත් වැස්ස නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 December 2025
දිඹුලපතන අනතුරින් අයෙක් මරුට:තවත් අයෙක් රෝහලට ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන් ගත් මගීන් දෙදෙනකු ලොරි රථයක ගැටී එක් අයකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් ව ඇතැයි තවත් මගියකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහල වෙත මාරැ කර යවා ඇත. 20 December 2025
ජනපති, ආපදා සහන පැකේජය මැති සබේ දී දිග හරියි රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම් සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට ගොස් කරුණු සොයා බලන්නැයි විපක්ෂයට කී ජනාධිපතිවරයා දැනට ආපදා කළමනාකරණ කමිටුවට ගොස් සහාය දෙන්නැයි කීය. 19 December 2025
කෝටි 50000 පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි හදිසි ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි පනස් දහසක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව අද සම්මත විය. 19 December 2025
”ලෙල්ලමට“ භාරකරුවෙකු පත්කරන්නැයි නියෝග මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය ලබා දුන් අතුරු නියෝගය ස්ථීර කිරීමට මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය අද (19)තීන්දු කළේය. 19 December 2025
“විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පත් කරනවා“ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කර විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පත් කිරීමට කටයුතු කරනු ඇති බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය. 19 December 2025
පුස්සැල්ලාවේ වෙළදසැල් 07ක් නායයෑමේ අවදානමක ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙදළසැල් 7ක් නායයෑමේ අවදානමක් නිසා අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගත් බව බව පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 19 December 2025
ග්‍රීන් කාඩ් අත්හිටුවයි ‘ග්‍රීන් කාඩ්’ වීසා වැඩසටහන අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘ග්‍රීන් කාඩ්’ යනු ඇමෙරිකන් පුරවැසියකු නොවන අයකුට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලබාදෙන නිල අවසර පත්රයයි. 19 December 2025
3I/ATLAS අබිරහස් වස්තුව පෘථිවිය අසලින් යයි අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත අභ්‍යවකාශයේ සිට පැමිණ, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පසු කරමින් ආ අබිරහස් අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවිය අසලින් යමින්, පෘථිවිය පසු කරනු ඇත. 19 December 2025
17648කට ලක්ෂ පනහ ගානේ දෙනවා සම්පූර්ණයෙන් නාය ගිය සහ දැඩි නාය අවදානමක ඇති බව හඳුනාගත් නිවාස 17648ක් සඳහා රුපියල් ලක්ෂ පනහ බැගින් වන දීමනාව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026