
(ටී.කේ.ජී.කපිල )
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැදී සිටිමින් , මැදපෙරදිග යුද්ධයේ දී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වල ජායාරූප , වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල තබා ගනිමින් , ඒවාට සිය කැමැත්ත ( Like ) සහ අදහස් ප්‍රකාශ කිරීම ( Coments ) යන චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයන් 07 දෙනකු , එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු , ශ්‍රී ලංකාව තුළ ඔවුන් පාතාල ක්‍රියාකාරකම් , සංවිධානාත්මක අපරාධ කල්ලි සමග හෝ මත්ද්‍රව්‍ය ජාලය සමග සම්බන්ධතා පවත්වා ඇත් ද යන්න , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව විමර්ශන ආරම්භ කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔච්චර හිතවත් තායිලන්තය අපිට තියෙන පහසුකම් නැති කළා මේ පාතාල, කුඩු බෙදන උන් -අපිට වෙන රටකට යන්න තියෙන අවස්ථාවත් නැති කරනවා. මුන්ට හොර පාස්පෝර්ට් දෙන උන් වහාම හිරේ යවන්න ඕනේ.
මේක පැහැදිළි මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්. වෙන රටවල් වල පාතාල සාමාජිකයො රටේ තියාගෙන, ඔය වගේ පොඩි දේවල් වුනාම තමයි අත්අඩංගුවට ගන්න ඒ අය කටයුතු කරන්නෙ.
රස්සාවල් කරන්න ගියානම් දෙයියනේ කියලා රස්සාව කරගෙන හිටපල්ලා. අනුන්ගේ ලොකුකම් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටුණා නේ.