
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායෙන් බහාලූම් 323 ක් බාහිර පරීක්ෂාවකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එය කල් ගොස් ඇතැයි වාර්තාවේ.
මේ අනුව එම රැස්වීම ලබන සතියේ බදාදා පැවැත්වෙනු ඇත.
කාරක සභා රැස්වීමට කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් මුලින් විමර්ශන පැවැත්වූ ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ සාමාජිකයන්ද ඉදිරි දිනවල කැඳවීමට නියමිතය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd