නව ත්‍රස්ත පනතේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ ඇමතිට
නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත් කළ විද්වත් කමිටුවේ අවසන් කෙටුම්පත ලබන සතියේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාට බාර දීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පැවැසීය.