
(බී.ජි. චතුරංග )
උතුරු දුම්රිය මාර්ගයේ සාලියපුර ප්රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටුණු කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , ජයන්ති ග්රාමය, සාලියපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කේ. සසිනි උපේක්ෂා කුමාරි නැමැති 29 හැවිරිදි දෙදරු මවකි.
ස්වයං රැකියාවක නිරත වූ ඇය අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම ප්රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගොස් අයිස් පැකට් අලෙවි කර යතුරු පැදියකින් ආපසු නිවසට යමින් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවක් අනතුරකින් ජීවිතක්ෂයට පත් උනයි කියන එක කැලෑ පත්තරයක දාන්න තරම් පුවතක්ද..? අරහේ කුඩා දැරියක් නාකි හම්පඩ සිවුරු කාරයෙක් අතින් දුෂණය වෙලා...ඒවා ගැන අපේ රටේ පාදඩයෝ දන්නෙවත්, අහලවත් නැහැ...උගේ ඇට මස්තානෙ හයියට මෙවුන් බය වෙලා වත්ද, මේ බකන් නිලාගෙන ඉන්නේ..?ඇරපල්ලා උඹලගේ දරුවන්වයි ගෙදර ගෑණිවයි, අන්න එදාට හොඳට සලකලා ගෙදර එවයි... නොදකින්, නිවට, නොන්ජල් ශ්රද්ධාවන්ත බලු කුක්කෝ!!!
මේ ප්රදේශයේ සැරිසරන කිහිප වතාවක්ම හරස් මාර්ගය හරහා ගිය අයම තමයි අනතුරුවලට පත්වෙන්නේ. හදිස්සිය සහ ඉවසීමක් නැතිකමයි සියල්ලටම මූලික හේතුව. දුම්රියට යන්න ඉඩ දීලා තිබුණානම් ඇය තවමත් ජීවතුන් අතර. ඉක්මන් කෝටයි කියනවනේ. අපරාදේ තමන්ගේ වීරියෙන් ජීවිතය ගෙට ගහ ගන්නා ධෛර්යමත් කාන්තාවක්. ඇයට නිවන් සුව පතමි.