
(සුජිත් හේවාජුලිගේ)
විවිධ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සහ සංඝයා වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පැවසීය.
එම වාර්තාව ලැබුණු පසු බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන බවද ඔහු සඳහන් කළේය.
ලේඛකාධිකාරී හිමිවරුන්ගේ වාර්තාව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට අද හෙටම බාරදීමට නියමිතය.
මේ කාරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග තමා පසුගිය දිනවල දීර්ඝව සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලදී පැහැදිලි එකඟතා කිහිපයකට පැමිණීමට හැකි වුණු බවත් ගාමිණී සේනාරත්න මහතා පැවසීය.
එහිදී ඇති කරගත් එකඟතා සියල්ල ලේඛකාධිකාරී හිමිවරුන්ට භාර දී ඇති බව පැවසූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඒ අනුව නායක හිමිවරුන්ගේ අදහස්ද ලබාගෙන පනත් කෙටුම්පත කාලයට ඔබින පරිදි සංශෝධනය කරන බවද ප්‍රකාශ කළේය.
යම් යම් විනය විරෝධී ක්‍රියාවන්හි යෙදෙන භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ සංඝ සභාවන් මගින් විනය ක්‍රියාමාර්ග ගත්තද ඒ භික්ෂූන් චීවරය දරාගෙන තවදුරටත් කටයුතු කරන තත්වයක් දක්නට ලැබෙන හෙයින් සංඝාධිකරණයක් වැනි යාන්ත්‍රණයක් මගින් දඬුවම් කිරීමට හැකිවන පරිදි බෞද්ධ විහාර දේවාලගම් පනතට සංශෝධන එක් කරන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානායක ඇත්තො ජඩකම් කරනකොට කොහොමද සංඝාධිකරණයට නිලධාරීන් පත්කරන්නේ...?
ප්‍රථමයෙන් බුද්ධ ධර්මයට අනුව විරුද්ධ ගෝත්‍රික සංකල්පයක් වෙන කුල බේදය ඔලුවේ තියාගෙන ඉන්න සියලුම භික්ෂූන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. කී දෙනෙක් ඉතිරිවෙයිද?
මේක තමයි නිවැරදි තීරණය. බාල වයස්කාරයන් දූෂණය කරන භික්ෂූන්ට නීතිමය ප්‍රතිවිපාක අපි බලා සිටිමු. නීතිය සැමට සමාන විය යුතුයි. නිදහසට කරුණක් නැත. අනුකම්පාවක් නැත.
ඕව කරන්න කලින් විනය විරෝධී නොව අපරාධ නීතිය ක්‍රියාත්මක කර ජඩකම් කරන නායකයින් ඇතුලු චීවරධාරීන්ට සාමාන්‍ය ජනතාවට අදාල නීති ක්‍රියාත්මක කරන එක වැදගත්...