
(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
තිස්සමහාරාම පුස්තෝලමුල්ල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක චිත්‍ර ගුරුවරයකු පාසල ඉදිරිපිට මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට පත් වූ බව පොලිසිය සඳහන් කළේය.
තවත් සැකකරුවන් දෙදෙනකු විලමුල්ල ප්‍රදේශයේ පිහිටි ගුරුවරයාගේ නිවසේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීය.
ප්‍රකට මත්ද්‍රව ජාවාරම්කරුවකු බව කියන දෙහිබාලගේ සහෝදරයකු වන කළුමල්ලි යටතේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තොරතුරු ලැබී ඇතැයි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් තිදෙනා එකම පවුලේ ඥාතීන් වන බව ද ගුරුවරයා හැර අනික් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පහකට වැඩි ප්‍රමාණයකට ඇප මත සිටින අය බවද පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ පාසල් ගුරුවරයා සන්තකයේ තිබී අයිස් මිලි ග්‍රෑම් 1200ක්, තිබූ බවත් වෙසක් කූඩු ඇලවීම සඳහා පාසලට ගොස් සිටි අවස්ථාවේ ගුරුවරයාත් අඩංගුවට ගෙන ඇත. නිවසේ සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා සතුව අයිස් ග්‍රෑම්102 හා හෙරොයින් ග්‍රෑම් 50 ක් හමු වූ බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd