
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධාන කළ " ලස්සන දන්සැල දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ජාතික තරුණ සේවා සභා පරිශ්‍ර වලදී පැවැත්විණි.
ජනතාවට නොමිලේ රූපලාවන්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ සේවාවන් ලබාදීම මෙම ලස්සන දන්සැලේ විශේෂත්වයයි.
දකුණු පළාත් ලස්සන දන්සැල මාතර පුහුණු මධ්‍යස්ථානයේදී ද, ඌව පළාතෙහි හල්දුම්මුල්ල පුහුණු මධ්‍යස්ථානයේදී ද, සබරගමුව පළාතෙහි ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී ද, උතුර පලාතේ වවුනියාව පුහුණු මධ්‍යස්ථානයේදී ද, උතුරු මැද පළාතෙහි අනුරාධපුර යොවුන් නිකේතනයේදී ද, වයඹ පළාතෙහි හලාවත පුහුණු මධ්‍යස්ථානයේදී ද, මධ්‍යම පළාතේ පොල්ගොල්ල පුහුණු මධ්‍යස්ථානයේදී ද, නැගෙනහිර පළාතෙහි අම්පාර පුහුණු මධ්‍යස්ථානයේ දී ද පැවැත්විණි.
මෙහි ප්‍රධාන වැඩසටහන බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මහරගම තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු වැඩසටහනින් රූපලාවන්‍ය ක්ෂේත්රයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් විසින් සත්කාරයන් සිදු කළ අතර, මෙහිදී කාන්තා පිරිමි කොණ්ඩ කැපීම, හිස සම්බාහනය. සම විශ්ලේෂණය හා උපදේශන සේවාව, ඇහි බැම සැකසීම, ක්ලීන්අප් කිරීම, ඇස් වටා සමට සත්කාර කිරීම, මෙහෙන්දී ඇඳීම යනාදි සේවාවන් සිදු කෙරුණි.
මෙහි විශේෂත්වය වූයේ වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් සඳහා ද රූපලාවණ්‍ය කටයුතු කිරීමයි. ඔවුන් ලස්සන දන්සල පැවැත්වෙන ස්ථානයට කැඳවාගෙන පැමිණ කොණ්ඩා කැපීම, හිස සම්බාහනය වැනි සත්කාර සිදු සිදු කළේය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ , තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න මහත්වරුද මීට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd