
(අංජුල මහික වීරරත්න)
තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය හදිසි විසිරීමකදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික සැලැස්ම සහ එහි ඩිජිටල් වේදිකාව (Digital Platform) සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි පෙර අපර දෙදිග මුහුදු මාර්ගයේ දිනකට නෞකා 400කට අධික ප්‍රමාණයක් යාත්‍රා කිරීම, වර්ෂයකට ශ්‍රී ලංකාවේ වරායන් වෙත නෞකා 5000කට අධික ප්‍රමාණයක් පැමිණීම, පවතින වරායයන් පුළුල් වීම, තෙල් ආශ්රිත කටයුතු වල වර්ධනය සහ ගෝලීය කාලගුණ විපර්යාසයන්හි බලපෑම හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය විසිරීමක් සිදුවීමේ හා ඒ හේතුවෙන් සමුද්‍ර පරිසර හානියක් ඇති වීමේ අවදානමක් පවතින බව නිරීක්ෂණය වී ඇත.
2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා සාගර කලාපයේ එවැනි දූෂණය වීමක් වැලැක්වීම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කිරීම සහ ක්රියාවේ යෙදවීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්යයකි. ඒ අනුව, එකී විධිවිධාන යටතේ මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි සකස් කරනු ලැබ ඇති තෙල් විසිරීමකදී ක්‍රියාත්මක ජාතික සැලැස්ම, අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය විසිරීමකදී ප්‍රතිචාර දැක්වීම ද ඇතුළත් කර සංශෝධනය කරනු ලැබ තිබේ. එමෙන්ම, එකී ජාතික සැලැස්මේ ඩිජිටල් වේදිකාවෙහි (Digital Platform) පළමු අදියර ද මේ වන විට සකස් කරනු ලැබ ඇත. ඒ අනුව, තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය හදිසි විසිරීමකදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික සැලැස්ම පරිදි කටයුතු කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd