
(යොහාන් භාසුර)
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 2 වැනිදා කරන තෙක් මාසයක කාලය සඳහා ඉන්ධන සහනාධාරයක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එම ඉල්ලීම කිරීමට බස් සංගම් ප්‍රවාහන අමත්‍යංශයට හෙට (4) යන බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පැවසීය.
මෙරට ප්‍රධාන බස් සංගම් සහ පළාත් බස් සංගම් ඇතුළු සියලුම බස් සංගම්වල සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹදී අද (2) පැවැත්වූ බවත් එහිදී ඒකමතිකව එම තීරණයට එළඹි බවත් විජේරත්න මහතා කීය.
ඉන්ධන සහනාධාරයක් නොලැබුණ හොත් බස් ධාවචය කිරීම වඩාත් අපහසු වියහැකි බව කී ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මෙම ගැටලුවට අමාත්‍යංශය පැත්තෙන් සතුටුදායක පිළිතුරක් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
මේ අතර අධිවේගී මාර්ග බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් අද (2) ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණ බස් ගාස්තු සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක මිල පසුගිය මැයි මස රුපියල් 10 කින් සහ මෙම මස රුපියල් 15 කින් ඉහළ දැමීමත් සමඟ මේ වන විට රුපියල් 25 කින් ඉහළ ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්රථවල ඉන්ධන සහ නඩත්තු වැය වලට අමතරව අනවශ්‍ය උපාංග සහ අලංකරණ උපාංග සවිකිරීමට මිලියන ගනනක් වැය කරමින් ඒ්වාට යන මුදල් ද සේවා වැය ලෙස මගීන්ගෙන් අයකර ගැනීම ට කටයුතු කිරීම අසාධාරණ යි නේද
මේ අවස්ථාවේ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් වලට යම්කිසි ඉන්දන සහනාධාරයක් වැනි දෙයක් දෙන්න ඕනේ ,
රන්ජිත් මහත්මය , අලුතෙන් සේවයට එකතුවෙන බස්වලට අධාල වර්ණයක් , එහි ආසන ප්‍රමානය , අසන අතර ඉඩ කඩ , විදුලි බුබුළු ප්‍රමාණය , විදුලි බුබුළු වල එලිය යන දේවල් නිෂ්පාදිත සමාගමේ ප්‍රමිතීන්ට අනුකුලව තිබෙන්න ඕනේ කියල නීතියක් ගේනවා නම් මෙම ප්‍රශ්නේ විසදෙනවා අලුතෙන් ආනයනය කරන බස්රථ වලට මෙම නිතිය ලබන වසරේ සිටත් , දැනට සේවයේ යෙදෙන බස් රථ ඉදිරි වසර 3 තුල , වෙනස් කරගත යුතුය කියල නීතියක් ගෙන එන්න අවශ්‍ය නම් රජයට පුළුවන් , එහෙම නොමැතිව පොලිසිය එකවර පාරට පැනල බස් චෙක් කලා කියල මෙම ප්‍රශ්න වෙනස් වෙන්නේ නැහැ , බස් හිමියනට යම්කිසි සාධාරණ කාලයක් දෙන්න ඕනේ , එවිට පුළුවන් ලබන සැරේ බස් පින්තාරු කරනකොට , අලුත් වැඩිය කරන කොට මෙම වෙනස්කම් කරගන්න .