(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා අතර හමුවක්  ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(3)පැවැත්විණි.   

   මෙම හමුව සත්‍යන්ජල් පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාවේ සිය තෙවසරක ධුර කාලය අවසන් කර මෙරටින් පිටව යාමට පෙර සිදුවූ අවසන් හමුවීම ලෙස සටහන් විය. 

  එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාවය ශක්තිමත් කිරීම උදෙසා පසුගිය කාලයේ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර ඒ සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් දක්වන ලද මිත්‍රශීලී දායකත්වය අගය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිම කර යන සත්‍යන්ජල් පාණ්ඩේ මහතාට  ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී සුබ පැතුම් පළ කළේය.