විමල්ට එරෙහි නඩුවකට දින දෙයි වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 22 වැනිදා සිට පැවැත්වීීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද (17) නියම කළාය. 17 September 2025
ගල් කොරිවලින් රජයට කෝටියක පාඩුවක් විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ගල් කොරි වලින් රාජ්‍ය භාගය නිසි පරිදි අයකර නොගැනීම හේතුවෙන් රුපියල් කෝටියකට වැඩි ආදායමක් රජයට අහිමිව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 17 September 2025
සම්පත් මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න අවසර අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි ලබන 24 වැනි දා තෙක් රැඳවා ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යංශයට අවසර ලබා දුන්නාය. 17 September 2025
‘‘උකුවෙල සණස සොබා දහම් ගොවිපළ බේරා ගනිව්‘‘ උකුවෙල සණස බැංකුවේ පසුගිය පාලන කාලය ගෙන තිබු තිරණ නිසා බැංකුවට සිදුව ඇති පාඩු හේතුවෙන් ඔවුන්ට එරෙහිව වහා නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වත්මන් සභාපති හිමාලි හේරත් මහත්මිය ඇතුලු අධ්යක්ෂ මණ්ඩලය සමාජික සමාජිකාවෝ පිරිසක් අද දහවල් උකුවෙල සණස සොබා දහම් ගොවිපළ ඉදිරිපිටදි සාමකාමි විරෝධතාවක නිරත වූහ. 17 September 2025
පරිසරයට හානි කරන අයට දැඩි නීති පියවර ස්වභාවික පරිසර පද්ධතියට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය. 17 September 2025
සම්පත් මනම්පේරි අධිකරණයට බාර වෙයි | වීඩියෝ අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ගෙවත්තේ තබා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් හිටපු ප්‍රාදේශීය සභා අපෙක්ෂක සම්පත් මනම්පේරි මීට සුළු වේලාවකට පෙර වලස්මුල්ල අධිකරණයට බාර විය. 17 September 2025
ජනතාවට අහිතකර එක ඉල්ලීමක් දෙන්නේ නෑ ජනතාවට අහිතකර ලෙස බලපාන කිසිම ඉල්ලීමක් වත් දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය. 17 September 2025
ආනන්දගේ ඇමති පුටුවේ වැඩ බැලීමට වටගල පත් කරයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට එහි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි. 17 September 2025
අපේ ඇමතිවරු ගැනත් සැකනම් උසාවියට යන්න පුළුවන් තම රජයේ මැති ඇමැතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් කාට හෝ සැකයක් පවතී නම් නීතිමය මාර්ගයට යා හැකි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය. 17 September 2025
ගොඩනැගිලි පර්යේෂණ පනතට ආංශික සභාවේ අනුමැතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පළවිය. 17 September 2025
බදු දැලෙන් රිංගන අයට දැඩි දඬුවම් බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය. 17 September 2025
වලස්මුල්ල අධිකරණයට දැඩි ආරක්ෂාවක් අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් හා තැඹිලි ලහිරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු වේලාවකට පෙර රැගෙන ආවේය 17 September 2025
විශ්‍රාම ගිය හැම ජනපති කෙනෙකුටම කොළඹ ගෙවල් තියෙනවා රජයේ බංගලා බංගලාගත් සෑම ජනාධිපතිවරයෙකුටම කොළඹ ගෙවල් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 17 September 2025
මියගිය නීතිඥයාගේ නිවෙසින් ගිනි අවි උණ්ඩ රත්නපුර අධිකරණවල සේවය කරමින් සිටියදි දින කිහිපයකට පෙර දි මියගිය නීතීඥවරයකුගේ නිවසේ තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව රත්නපුර පොලිසිය කියයි. 17 September 2025
එජාප- සජබ ආදරය තවත් ඵල දරන යෝජනාවක් සම්මත වෙයි සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය. 17 September 2025
අලියාගේ මරණයට තිදෙනකු අල්ලයි මහවිලච්චිය,මැදදන්ගස්වැව ප්‍රදේශයේ වගා ඉඩමක විදුලිසැර වැදි වන අලියෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ඉඩමේ අයිතිකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව වනජීවි දෙපාර්තමේන්තුවේ තන්තිරිමලේ අ ඩවි වන කාර්යාලය පවසයි. 17 September 2025
වන්දනාමාන කරන්න දේශපාලකයන් අවශ්‍ය නෑ වන්දනා මාන කරන්නට දේශපාලකයන් රටට අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 17 September 2025
අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ගෙන් විශේෂ ප්රකාශකයක් දියවඩන නිලමේ වරයා සම්බන්ධයෙන් පටු අරමුණින් විවිධ බාහිර පාර්ශව සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් ලෝකයා ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වෙමින් පවතින බව මල්වතු අස්ගිරි පාර්ශවයේ මහා නාහිමිවරු විශේෂ නිවේදනයක් මගින් දැනුම් දෙති. 17 September 2025
කඩවත - මීරිගම අධි වේගයේ වැඩ අරඹයි පසුගිය පාලන වලින් තිබුණු කිසි කරදරයක් වත්මන් ආණ්ඩුව යටතේ කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ නැතැයි වරාය මහා මාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් ඇරඹීමේ උත්සවය අමතමින් පැවසීය. 17 September 2025
රන් බඩු සොරාගත් නාවික සෙබළු දෙන්නා මාට්ටු රුපියල් 469,000 මුදල් සහ රන් බඩු සොයාගත් බව කියන නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි. 17 September 2025
බැංකු-මූල්‍ය-රක්ෂණ පාර්ශව කරුවෝ අයවැය යෝජනා දෙති බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 17 September 2025
රුවන්වැල්ලට රන් ආරංචියක් රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ II වැනි අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 September 2025
කතකට වෙඩි තැබූ ’කොමනා’ අත්අඩංගුවට | වීඩියෝ බෙහෙත් කොටන තුවක්කුවකින් කාන්තාවකට වෙඩි තබා තුවාල කළ බව කියන සැකකරුවෙකු බෙහෙත් කොටන්න තුවක්කුවක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 17 September 2025
පාර්ලිමේන්තුවට නයෙක් ඇවිත් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රවාහන අංශයේ කාර්යාලය අසලටම නාගයකු ඉකුත් සතියේ දිනක පැමිණීමෙන් එහි කලබලකාරී තත්වයක් ඇතිවිය. 17 September 2025
අතරමග නැවතුණු ගුවන් පාලම් දෙකක වැඩට කොළ එළි කොහුවල ගුවන් පාලමේ ඉතිරි වැඩ නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 September 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.. 17 September 2025
සතුනට බඩ ඉරිඟු ගෙනත් රජයට කෝටි 12ක් පාඩු කරලා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සතු බලපත්‍රය යටතේ සත්ව ආහාර නිෂ්පාදනයට පාකිස්ථානයෙන් බඩ ඉරිගු ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් කළේ යැයි කියන සමාගම් විසින් එම මණ්ඩලයේ හිටපු නිලධාරීවරයකුට රුපියල් ලක්ෂ 50 තුටු පඩුරක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයෙ පැවසීය. 17 September 2025
මහින්ද පෙර රජ දවස සිහිපත් කරයි මහා සංඝරත්නයේ ඇසුර නිරන්තරයෙන් ලැබීම තමාගේ භාග්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 17 September 2025
‘‘ඊශ්‍රායලය ජන සංහාරයක් කරලා‘‘ ඊශ්‍රායලය ගසා තීරයේදී පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
‘‘ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්‘‘ ලබන වසරේදී ශ්‍රී ලංකාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට ඉලක්ක කර තිබෙන බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025