
(සනත් ගමගේ සහ ගයාන් සූරියආරච්චි)
අම්බලන්තොට මල්පෙත්තාව පළවෙනි පටුමග ප්‍රදේශයේදී ඊයේ පුද්ගලයකුට පොල්ලකින් පහර දීමකින් සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා සිය බිරිඳ සමග බිරිඳගේ නිවසේදී ඇතිකර ගත් ආරවුලකදී බිරිඳගේ පියා විසින් මෙම පහර දීම සිදුකර ඇතිබව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ජංසගම මාමඩල පදිංචි පසිඳු උදයංග අබේරත්න (26) හෙවත් වැලි පසිඳු එක් දරු පියෙක් බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ලිමිනිද කවුද කියන නෝනටත් තාත්ත කෙනෙක් ඉන්නවා නේද:)