
(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර )
ශාන්ති කර්මයක් කර දෙන මුවාවෙන් පාසල් ශිෂ්‍යයාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායක හා වත්මන් අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු 10 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අරණායක පදිංචිව සිටින 40 හැවිරිදි අසංග දීපාල් බදුවත්ත නැමති පුද්ගලයෙකි.
අත් අඩංගුවට ගෙන ඇති සැකකාර මන්ත්‍රීවරයා මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ රුවන්දෙනිය කැකිරිගොඩ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මාවනැල්ල හිගුල ගනේතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටින මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින 19 හැවිරිදි පාසල් ශිෂ්‍යයාවකට අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඇතිව තිබුණු දෝෂ ඉවත් කර ශාන්තිකර්මයක් කර දෙන බවත් ආසන සංවිධායකවරයා පවසා ඇති බවත් අධිකරණයේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd