(අමදෝරැ අමරජීව)

උපසම්පදා භික්ෂූන් වහන්සේලා ලක්දිව නැති යාම හේතුවෙන් නිර්මල ථේරවාදී බුදු දහම ඇතුළත් උපසම්පදා විනය කර්මය සියම් දේශයෙන් යළි මෙරට ස්ථාපිත කර වසර 273 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්ම සියම් දේශයෙන් වැඩම කරන මහා සංඝරත්නය හෙට (10) ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුර හරහා සෙංකඩගල දක්වා "දහම් පාද යාත්‍රාවක්" පැවැත්වීමට නියමිතය.

සියම් දේශයෙන් මීට වසර 273 කට පෙර රුවල් නෞකාවකින් උපාලි මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස ත්‍රිකුණාමලය පැරණි වරායෙන් ලංකාවට ගොඩ බැසීම සිහිගන්වමින් මෙම පාද යාත්‍රාව ත්‍රිකුණාමලය ගෝකණ්න රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට නියමිතය.