(සුජිත් හේවාජුලිගේ) 

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  මහතා වෛද්‍ය කණ්ඩායමක සුපරීක්ෂාව යටතේ පසුවන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වෛද්‍ය කණ්ඩායම  ඔහුගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව  සම්පූර්ණ  තොරතුරු වාර්තාවක් ලබාගෙන ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප රෝහල් බලධාරිකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ ගැන තමාට කිසිදු  තොරතුරක් මේ අවස්ථාවේදී  පැවසිය නොහැකි බවයි.

සුරේෂ් සලේ මහතා සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර සඳහා සුදුසු රෝහලකට ඇතුළත් කර  සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් යොදවා  වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නැයි  ඔහුගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළේය.