
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු වසරේ ඉහළම කාර්ය සාධනයක් දැක්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලෙස හෝමාගම , කඩුවෙල සහ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇගැයුමට පත්විය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගම්පහ, බියගම සහ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද කළුතර දිස්ත්‍රික්කයේ පානදුර , බේරුවල සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද ඇගයීමට ලක් කෙරිණි.
මෙම ඇගැයුම් වැඩසටහන කථානායක, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මිලෝදා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙලෙස ඇගැයුමට ලක් කෙරුණේ ජනාධිපති අරමුදලේ සේවා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, 2025 වර්ෂයේ ඉහළම කාර්ය සාධනයක් වාර්තා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ කොළඹට කේන්ද්‍රගතව තිබූ ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් කරමින් එහි කටයුතු ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විමධ්‍යගත කිරීමට වත්මන් රජය යටතේ පියවර ගත් බවයි.
එම කාර්යයේදී ජනාධිපති අරමුදලේ මුහුණුවර බවට පත්ව ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බව පෙන්වා දුන් ලේකම්වරයා මීට පෙර “පුළුවන් නම් ගන්න” වශයෙන් තිබූ ජනාධිපති අරමුදල, “අපි ඔබට දෙනවා” යන අර්ථයට පරිවර්තනය කිරීමට මේ වන විට සමත්ව තිබෙන බවද පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd