(එච්.එස්.එස්.නන්දන සහ නිහාල් වෙත්තසිංහ සහ බුද්ධික කුමාරසිරි)

හංවැල්ල හෝමාගම මාර්ගයේ ජල්තර දම්සෙත් විද්‍යාලය අසල මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි හංවැල්ල පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ දෙමෝදර, බැද්දේවෙල, මැද්දෙවත්ත කොළණිය ලිපිනයේ පදිංචි ආර්.එම්. දමයන්ති (42) සහ ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය පදිංචි එම්.එම්. වසන්ති (44) නමැති කාන්තාවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා ජල්තර හේන්පිට ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන අතර මෙදින මොවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට සේවා මුරය සඳහා යමින් සිටියදී රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, අනතුරෙන් පසු තුවාලකරුවන් නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සිදුකර පළා ගිය මෝටර් රථය සහ රියදුරු පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.