(ගයාන් සූරියආරච්චි)

මෙරට සිට ඩුබායි රාජ්‍ය්‍යට ගොස් ඉතියෝපියාව හරහා කැනඩාව බලා ගමන් කිරීමට යාමේදී ඉතියෝපියාවේදී පැහැරගැනීමකට ලක්වුණු ලාංකිකයන් බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.

එම ලාංකිකයින් තිදෙනා රැකියා අවස්ථා සඳහා කැනඩාවට ගමන් කිරීම සදහා ඉතියෝපියාවට පැමිණ තිබුණු අතර එහිදී සංවිධානාත්මක අපරාධකල්ලියක් විසින් පැහැර ගැනීමකට ලක් තිබුණි.

ඒ අනුව එම ලාංකිකයන් තිදෙනා මෙරටින් කැනඩවා බලා පිටත් කර යැවූ බව කියන යාපනය ප්‍ර දේශයේ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්  විසින් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව එරට බෝලේ හී උප නගර පොලිස් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබූ අතර එරට පොලිසිය සැක සහිත වෑන් රථයක් හදුනාගෙන තිබුණි. ඒ අනුව කළ විමර්ශනවලදී එම වෑන් රථයෙන් ලාංකිකයන් තිදෙනා පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව සිදුකළ වැටලීමේදී ලාංකිකයින් තිදෙනා සාර්ථකව මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්වී ඇති අතර වැටලීමෙන් ඉතියෝපියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්තාන ජාතිකයින් සිවු දෙනෙකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන  ඇති බව පොලිසිය කියයි.