
(යොහාන් භාසුර)
වසරතට වැඩි කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී අද (8) පෙරවරුවේ ආරම්භ කළේය.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අංක තහඩු මුද්‍රණය නිල වශයෙන් ආරම්භ කෙරිණ.
යතුරුපැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩයන්ට අදාල අංක තහඩු මුද්‍රණ කටයුතු මෙසේ ආරම්භ කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, එහි කොමසාරිස් (පාලන) ප්‍රියන්තා දිසානායක, කොමසාරිස් (රියදුරු බලපත්‍ර) තනූජා ආරියරත්න, සහකාර කොමසාරිස්වරුන් වන සී. ඩබ්ලිව්. මුතුකුමාරණ (කාර්මික සහ සංවර්ධන), ආනන්ද බන්නැහැක (කාර්මික), සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සරත් දයානන්ද සහ එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ සුජිත් ජයසූරිය යන මහත්ම මහත්මීහු ඇතුලු නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd