(නිමල් ජයරත්න)

පොළොන්නරුව අත්තනකඩවල ගම්මානයට අද කඩා වැදුණු වන අලි දෙදෙනකු එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයකු  තුවාල ලබා ඇති බව දියබෙදුම පොලිසිය කියයි.

රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත්තේ අවුරුදු 77 ක් වයසති,  බී.ජී,අනුලාවති නමැති මවක සහ,  62 වියති පියෙකු බව දියබෙදුම පොලිසිය සඳහන් කරයි.

අත්තනකඩවල ගම්මානයට අද උදෑසන වන අලි දෙදෙනකු පැමිණ ඇති අතර ඉන් එක් වන අලියකු නිවස පිටුපස සිටි අසූවක් වයස මවට පහර දී ඇති අතර, අනෙක් වන අලියා රක්ෂිතයට යමින් සිටියදී, මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයාට ප්‍රහාර එල්ල කර තිබේ.

ගම්වැදුන වන අලි දෙදෙනා අවට රක්ෂිතයට පලවා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කර තිබේ 

ඔවුන් දෙදෙනා අත්තනකඩවල රෝහලේ සිට පොළොන්නරුව මහ රෝහලට මාරු කර කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි දියබෙදුම පොලිසිය පවසයි.