
(පද්මසිරි ගාර්දියවසම්)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය කෙරෙන පුද්ගලික මගී බස් රථයක රිය සහායකයකු විෂ මත්ද්‍රව්‍ය පැට්ටුවක් බඩේ දී පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොදරවාන, රුක්ත්තෙනගහ කොරටුවේ පදිංචි බස්නායකගේ ගුණරත්න නමැති 51 හැවිරිදි එක්දරු පියෙකි .
තංගල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය කෙරුනු පුද්ගලික මගී බස් රථයක තාවකාලික රිය සහායකයකු ලෙස ලෙස කටයුතු කළ මරණකරු කොළඹ ප්‍රදේශයේ රැය පහන් කර පසුව මාකුඹුරේ සිට තංගල්ල බලා පැමිණ තිබේ .
පසුව තංගල්ලට බස් රථය පැමිණ ඇති අතර හිමිකරුට එහි යතුර සහ මුදල් බාරදුන් රිය සහායක තංගල්ල නගරයේ අවමංගල ශාලාවක පැවති අවමගුල් කටයුත්තකට සහභාගි වීමට ගොස් තිබේ .
ඔහු එහිදී හදිසියේ අසනීපවී තිබේ . තංගල්ල බස් නැවතුම්පොළට පැමිණි රිය සහායක බිම වැටී වියරුවෙන් දගලද්දී අත් පා ගැට ගසා 1990 සුවසැරිය ගිලන් රථයකින් තංගල්ල මූලික රෝහලට රැගෙන විත් තිබේ .
රෝහලට ඇතුළත් කර පැය දෙකකට පමණ පසු රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .
තංගල්ල හදිසි මරණ පරීක්ෂක ශ්‍යාමල් වර්ණකුලසූරිය මහතා තංගල්ල මූලික රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වීය .
පසුව සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණකරුගේ ආමාශය තුළ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ග්‍රෑම් 20 ක් පමණ බර ඇති පැකට් 02 ක් හමුවී ඇති අතර එක් අයිස් මත්ද්‍රව්‍ය පැකට් එකක් පුපුරා ගොස් ඇති බවට සොයාගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු පැකට් එක කවුද ගත්තේ?