
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු විමර්ශන සලේගෙන් උඩට ගියාම මහ මොළකරු හමු වන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කට්ටිය දැන් රත් වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂට විශේෂ ගමන් තහනමක් ගැනීමෙන් පසුව බවද නානායක්කාර මහතා කීය.
"සලේ මීට පෙර දින අනූවක් ඇතුලේ හිටියා. කවුරුවත් කෙඳිරි ගෑවේ නෑ.හැබැයි ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ගත්ත ගමන් ඔන්න කට්ටිය රත් වෙන්න ගත්තා.මේ අඳෝනාව තියෙන්නේ සලේට ආදරයකට නොවේ.කෑ ගහලා මේ විමර්ශනය සලේගේ ගාවින් නවත්ත ගත්තොත් හොඳයි කියලා ඔවුන් හිතනවා.ඊට උඩට ගියොත් අන්න මහ මොලකරු ඉන්නවා. මම හිතන්නේ එහෙමයි යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහරාන්ව කාර් එකේ දාගෙන ගියා කියන්නේ ඔයාද, මිස්ටර්? ලැජ්ජයි.
ඉතින් ඒක හන්දනේ සමහරුන්ට විශාල ගායක් හැදිලා තියෙන්නේ ඇමතිතුමෝ. එක කාලවකවානුවක මහපාරේ කලබලයක් උන වෙලාවේ පොලිසියේ කට්ටියට " කවුද මෙතන සීනියර් ඩී. අයි.ජී. වහාම මෙතනින් අයින් කරනවා මේ පොලිස් කාරයෝ ටික." කියල සිංහ සෙයියාවෙන් තග දැම්ම කෙනෙක්ට අද ඒ පොලිසිය ඉදිරිපිටදීම කට වහගෙන නගුට කොහෙද ගහගෙන පසුබසින්න වෙලා තියන ඛේදජනක ආකාරය දැක්කේ නැද්ද ?
ලපයා තමයි මොලකරු