(කේ. බුද්ධික කුමාරසිරි)

කොටිකාවත්ත මහ බුත්ගමුව ප්‍රදේශයේ නිතී විරෝධි ලෙස ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ ⁣කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු විසින් සකස් කරන ලද ව්‍යාජ ලිපි ලේඛණ අතර උප්පැන්න සහතික, පාසල් අස්වීම් සහතික, ශිෂ්‍ය කාර්ය දර්ෂක, තනි පුද්ගල ව්‍යාපර ලියාපදීංචි සහතික, සාපෙළ, උපෙළ අධ්‍යාපන සහතික, විශ්වවිද්‍යාල උපාධි සහතික, ග්‍රාම නිළධාරි සහතික, වෛද්‍ය සහතික, බැංකු සහතික, වෘත්තිය පුහුණු සහතික, සාම විනිසුරු සහතික, පොලිස් සහතික, යෞවුන සේනාංක සහතික, ආගමන විගමන ලිපි ලේඛණ ආදිය ද වන බවද එම කොට්ඨාශය පවසයි.