
(අංජුල මහික වීරරත්න)
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන ඊයේ (08) දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72කින් ආරම්භ විය. මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන හෙට (10) දින දක්වා ක්‍රියාත්මක වන අතර අද (09) එහි දෙවන දිනයයි.
ඊයේ (08) දිනය තුළ සිදු කරන ලද පරීශ්‍ර පරීක්ෂාවන් සහ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සවිස්තර වාර්තාවක් නිකුත් කර ඇත.
එම වාර්තාවට අනුව ඊයේ දිනය තුළ පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 31,196කි. ඉන් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන සහිත පරිශ්‍ර 8,121 ක් හදුනාගෙන ඇත. එමෙන්ම ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හඳුනාගත් බව ද එම වාර්තාව තුළින් ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි.
ඊයේ දිනය තුළ නිකුත් කරන ලද නිවේදන (Notices Issued) 1,165ක් නිකුත් කරමින් 789 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග (Legal Action) ගෙන ඇත.
පාසල් 56ක් ද ඊයේ දිනය තුළ පරික්ෂාවට ලක් කර ඇති අතර, ඉන් සියයට 31කම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන හදුනාගෙන ඇති අතර, පාසල් 07කින් ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇත.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරීශ්‍ර 178ක සිදු කළ පරීක්ෂාවේ දී ඉන් 93ක ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාව පවතින බව හදුනාගෙන ඇති අතර, ස්ථාන 41ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇත. 24කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
රාජ්‍ය ආයතන 189ක් පරීක්ෂාවට ලක් කර ඉන් ආයතන 50කම ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇති අතර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 70ක් ද හදුනා ගැණුනි.
පරික්ෂාවට ලක් කළ ආගමික ස්ථාන 96 ක් අතරින් ආගමික ස්ථාන 18කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබෙන අතර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 42 ක් ද හදුනාගෙන ඇත.
ඊයේ දිනය තුළ කර්මාන්ත ශාලා පරිශ්‍ර 77ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 17ක ඩෙංගු මදුරු කීටයින් හමු විය. තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී ඊයේ දිනය තුළ නිවාස පරිශ්‍ර 28,230 පරීක්ෂා කර ඇති අතර, මදුරුවන් බෝවීමේ අවදානම් පරිශ්‍ර 7,088ක් සහ පරිශ්‍ර 1,760ක ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇත. නිවාස 657කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිකුත් කළ වාර්තාවේ දත්ත වලට අනුව පාසල් සහ ඉදිකිරීම් බිමි වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව පෙනී යන අතර, එබැවින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමටත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමටත් වගකීමෙන් කටයුතු කටයුතු කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම තෙදින ඩෙංගු මර්දන වැඩසටහනට හැකි උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd