
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2025 වසරට වඩා 2026 වසරේ මේ දක්වා ( මාස 06 කාලයකට) කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි.
2025 වර්ෂයට කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 13 ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1827 ක් වශයෙන් වාර්තා වුවද 2026 මෙම වර්ෂයේ මේ දක්වා ෙ පමණක් ඩෙංගු රෝගීන් 2315 ක් වාර්තා වී ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පානදුර 479 ක් ඉංගිරිය 390 ක් හොරණ 310 ක් හා බණ්ඩාරගම 251ක් ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලිනි.
විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන යටතේ අටුලුගම කොරාවල සහ බමුණු මුල්ල මුස්ලිම් ගම්මානයේ හා මාරාව ග්‍රාම සේවා වසමේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බණ්ඩාරගම- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සිට සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd