
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසි නීති රෙගුලාසි සදාකාලිකවම තබා ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ප්‍රශ්න කළේ මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය ,වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියමය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය පිළිබඳ විවාදයේදීය.
අජිත් පී පෙරේරා මහතා මෙසේද පැවසීය.
දිට්වා අවස්ථාවේදී හදිසි නීතිය ගේන්න කියලා කිව්වේ අපි. නමුත් අපි ඒක කිව්වේ හැමදාම තියාගන්න නෙවෙයි. හදිසි නීති රෙගුලාසි අනවශ්‍ය ලෙස පවත්වාගෙන යෑම වැරදි වැඩක්.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු අටක් තියෙනවා. සමහර පුරප්පාඩු මාස හයක් තිස්සේ පුරවන්නෙ නැතුව ඉන්නේ ඇයි. මොකක්ද හේතුව. කතා කරනකොට නම් නීතියේ ආධිපත්‍යය. කරන්නේ වෙන දෙයක්. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පුරවන්න කවුරුත්ම නැද්ද. ලැජ්ජ නැතිකම.
විනිසුරුවන්ගේ වයස වැඩි කරන්න කියලා විනිශ්චයකාරවරුන් ඉල්ලන්නේ නැහැ. ජනතාව ඉල්ලන්නෙත් නෑ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලන්නෙත් නෑ. එහෙම තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ඉන්න විනිසුරුවරුන්ට වැඩි කාලයක් දෙන්න යනවා. මේක ප්රජාතන්ත්රවාදය ආපසු හරවන කැතම කැත වැඩක්.
අපිත් දූෂණයට විරුද්ධයි. ගල්අඟුරු වංචාවට එරෙහිව සටන් කළේ ඒකයි. ගල්අඟුරු ගැන අල්ලස් කොමිසමට දාපු පැමිණිල්ල අදටත් විභාග කරලා නෑ. මුජිබර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හඬ පටය ගැන කරපු පැමිණිල්ල ගැන විභාග කරලා නැහැ. අපි දූෂණයට විරුද්ධව වැඩ කරපු මිනිස්සු. සාමාන්‍ය නීතිය යටතේ මේ රටේ ප්‍රශ්න විසඳන්න තියෙන බාධාව කුමක්ද. හදිසි නීති රෙගුලාසිවල තියෙන අවශ්‍යතාව කුමක්ද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd