පවුලක්ම මරන්න ආ වෙඩික්කරු මාට්ටු
දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වැලිගම ප්රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ 8 දෙනකු සමූල ඝාතනය කිරීමට පැමිණි බව කියන සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, 38 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.