ට්‍රිප් එකක් ආ සිසුන් පිරිසක් ක්ලාන්තය වී රෝහලේ හම්බන්තොට හා ගොන්නොරුව විදුහලේ සිසුන් පිරිසක් මහනුවර අධ්‍යාපන චාරිකාවක යෙදෙන අතරතුර ඉන් සිසුන් පස් දෙනෙකු හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය කියයි. 21 September 2025
’’ඒකාධිපති වැඩ වලට විරුද්ධව අපි එකට නැගිටිනවා’’ වර්තමානයේ පවතින සහ අනාගතයේදී එළැඹිය හැකි සියලු ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදී ක්‍රියාකාරකම් පරාජය කිරීම වෙනුවෙන් එකට සිට ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 September 2025
අම්පාර රෝහලේ නැවැතුණු වැඩ අරඹයි අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති දෙකක් රුපියල් මිලියන 1304 ක මූල්‍ය ප්‍රතිපාදන මත නැවත ඇරැඹූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 September 2025
ජනපති හෙට ඇමරිකා යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා හෙට (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. 21 September 2025
කතානායක විශ්වාසභංගෙට සියල්ල සූදානම්: අත්සන් ගැනීම එන සතියේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති විශ්වාසභංග යෝජනාව මේ දිනවල සකස් කරගෙන යන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට අද පැවසීය. 21 September 2025
විපක්ෂයේ සන්ධානයට ලොක්කෙකුගෙන් බකට්ටුවක් ඉදිරියේදී පිහිටුවා ගැනීමට යන ඒකාබද්ධ පොදු සන්ධානයට විපක්ෂයේම ප්‍රබල නායකයෙකු කකුලෙන් ඇදීම හේතුවෙන් බරපතළ අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 21 September 2025
තැපෑලටත් අයවැයෙන් සල්ලි මල්ලක් තැපල් සේවාව නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන්ද සැලකිය යුතු මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය 21 September 2025
දරුවෝ හතළිස් තුනක් සයිබර් අතවරයට 2024/2025 වසර වල සයිබර් අවකාශය තුළ වයස අවුරුදු 18 අඩු දරුවන් 43 කු ලිංගික අතවරයන් වලට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 21 September 2025
කරන්දෙණිය ප්‍රා.ස අභාවප්‍රාප්තවෙයි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා (47) හදිසියේ අද ( 21) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. 21 September 2025
බඹරු ඇන 13ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහරයකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරිය මහතා පැවසීය. 21 September 2025
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රිය ගිනිගනී නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 21 September 2025
අද කාලගුණය දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 21 September 2025
හෙම්මාතගම තරුණයකු ඝාතනය කරයි හෙම්මාතගම ,බලවත්ගම මංසංධියේ දී අද (20) රාත්‍රී 8 ට පමණ පුද්ගලයින් දෙදෙනකු අතර සිදු වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් බෙල්ල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව හෙම්මාතගම පොලිසිය පවසයි. 20 September 2025
ටිපරයේ ගැටී තිදරු පියා මරුට වැලි ප්‍රවාහන කරමින් තිබු ටීපර් රථයකට ගැටිමෙන් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙමෙ පසු අද (20) දින සවස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තවත් අයකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි. 20 September 2025
පිටකොටුවේ ගොඩනැගිල්ලක ගින්නක් පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන ගත් බව පිටකොටුව පොලිසිය කියයි 20 September 2025
අනතුරට ලක්වු කඳුකර කොටියකු බේරා ගනී තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් අග්‍රා වත්තේ ජලය සහිත විශාල වළකට වැටී අත් පා තුවාල ලබා ඇවිද යාමට නොහැකිව සිටි කඳුකර කොටියෙකු අද (20) බේරා ගත් බව හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු පවසති. 20 September 2025
රනිල් නොකළ එක දෙයක් ගැන චාමර කියයි රනිල් රට වෙනුවෙන් නොකළේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නැති එක විතරක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය අමතමින් අද (20) පැවසීය. 20 September 2025
ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ගිනි ගනි නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගෙන විනාශ වී තිබූ බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 20 September 2025
ගුවන් තොටේ වැසිකිලියකින් කුෂ් තොගයක් අල්ලයි රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ගමන් මලු පථ අංක 05 අසළ පිරිමි වැසිකිළිය තුළ දමා ගොස් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබීය. 20 September 2025
’’අපේ කඳවුරු දෙක එක වරදක් කළා’’ ’’ අපේ කඳවුරු දෙක දේශපාලනයේදී එක වරදක් කළ බවට දැන් පිළිගත යුතුව තිබෙනවා’’ යැයි පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගරකාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සර උළෙලේදී අද (20) පැවසීය. 20 September 2025
මහින්ද බලන්න ජන ගඟක් තංගල්ලට තංගල්ල කාල්ටන් නිවසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද දවස පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණියහ. 20 September 2025
නම කිව්වේ නැතැයි සීලරතන හිමියෝ තරහ වී යති එක්සත් ජාතික පක්ෂ සංවත්සර රැස්වීමේදී තමාගේ හෝ තම පක්ෂයේ නම කීවේ නැතැයි කියා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සංවත්තර රැස්වීමෙන් අද (20) නැගිට ගියහ. 20 September 2025
’’අපි කවදාවත් පැළවෙන මුල් ගල් තියන්නේ නෑ’’ ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිවිටක පැළවෙන මුල්ගල් තියන්නේ නැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 20 September 2025
ජේ.වී.පී නායකයන් ඉන්න ඕන ගල් ගුහාවලද ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිටින්න ඕන ගල්ගුහා,හුඹස් සහ ගස් බෙනවල දැයි තමා ප්‍රශ්න කරන බව ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය 20 September 2025
බහු පක්ෂ ක්‍රමය රකින්න මුළු විපක්ෂයම එක්වෙනවා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු විපක්ෂයම එක ගමනකට එකතු වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 September 2025
පාර්ලිමේන්තු කුස්සිය බත්තරමුල්ල එම්.ඕ.එච් බාරයට පාර්ලිමේන්තුවේ මුළුතැන්ගය අධීක්ෂණයට ලක් කිරීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් බත්තර මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පවරනු ලැබීය. 20 September 2025
ලංගමට මහ පිරිසක් බඳවා ගන්න යයි ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරන් හාරසිය පනහක් සහ කොන්දොස්තරවරුන් තුන්සීයක් බඳවා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 20 September 2025
රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් ජනාධිපතිවරයා සියළුම රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ වැටුප් වැඩිවීමක් ලබාදෙන බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 20 September 2025
අනුරලාගේ වත්කම් ඉල්ලා ’’ආර්.ටී.අයි’’ පෝලිමක් ජනාධිපති අනුර කුමාර දිසානායක, වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වත්කම් සහ දේපළ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් (RTI) විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තාවේ. 20 September 2025
’’අනුර - හිට්ලර්ගේ පුනරුප්පත්තිය’’ අනුර දිසානායක යනු ජර්මනියේ ඇඩෝෆ් හිට්ලර්ගේ පුනරුප්පත්තිය දැයි සැකයක් හිතෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්තර උත්සවය අමතමින් පැවසීය. 20 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025