(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලක්ෂ 11කට ආසන්න නඩු ප්‍රමාණයක් අධිකරණ වල ගොඩ ගැසී තිබෙන බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රිනී නීතීඥ හිරුනි විජේසිංහ මහත්මිය (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

සමථකරණය සහ සිවිල් ආරවුල් පිළිබඳ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම සම්බන්ධයෙන් බොහෝ කලක සිට සමාජයේ කතා බහට ලක්වුණා.අපේ ආණ්ඩුව පැමිණ සිටින්නේ මෙවැනි ප්‍රශ්න වලට විකල්ප සෙවීමටයි.

මිලියන 1.1 කට ආසන්න නඩු ප්‍රමාණයක් අධිකරණ වල ගොඩ ගැසී තිබෙනවා.

නමුත් අප ආණ්ඩු බලය ලබාගෙන නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා අධිකරණ පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරමින් සිටිනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.