
(උපාලි ආනන්ද)
ජුනි මස 16 වැනි දින රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදෙන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන නම් භික්ෂුවට නියෝග කළේය.
සැකකාර භික්ෂුව සිය රුධිර සාම්පල ලබාදීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්රධාන මහේස්ත්රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට තවදුරටත් නියෝග කළේය.
අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න මහතා මෙසේ නියෝග කලේ නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, අදාල වැඩිදුර වාර්තාව ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයකට අනුව, මීට පෙර රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සදහා යවන ලද දැරිය විසින් වලා දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවයි.
ඒ අනුව, නඩු භාණ්ඩ ලෙස නම්කර ඇති අදාල රුධිරය තැවරුණ ඇදුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය දැරියගේ ඇදුම්වල DNA ඇලීල අන්තර්ගතව ඇති බව අදාල DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් පරක්කු නෑ. සංඝ ශාසනේ චිරස්ථිතිය උදෙසා, වැරැද්ද පිළිඅරගෙන අරහත් දජය පන්සලේ තියලා එළියට බැහැලා පව් නොදී යන්න. කිචවෙන්නේ නැතිව...
වෙන කෙනෙකුගේ ලේ දීල බේරෙන්න බලයි.