(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මොරටුමුල්ල පුවක් අරඹ අධ්‍යාපන ආයතනයක් තුළදී 15 හැවිරිදි දැරියකට වසර හතරක කාලයක සිට වරින් වර බරපතල ලිංගික අතවර කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු අත්අඩංගුවට ගත්බව මොරටු මුල්ල පොලිසිය සඳහන්කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි විෂය උගන්වන 38 හැවිරිදි විවාහක ගුරුවරයෙකි.

ලිංගික අතවරයට පත් එම දැරිය මොරටුමුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ ඉංග්‍රීසි විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයා 2022 වර්ෂයේ සිට 2026 වසරේ මෙම මස 03 වෙනිදින දක්වා වරින් වර ලිංගික අතවර කළ බවට පැමිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

එහිදී වින්ඳිත දැරිය පරීක්ෂා කර තිබූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එම දැරිය බරපතල ලිංගික අතවරයට ලක්ව ඇති බවට පොලිසිය දැනුමවත් කිරීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.