මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල්ට ඇප
මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 112ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ,නගර සභා ආඥා පනතේ රෙගුලාසි හා රාජ්‍ය මුදල් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කොන්ත්‍රාත්කරුවන්ට ලබා දී රජයට හා ප්‍රජා සමීතිවලට පාඩුවක් කරමින් තමන්ට වාසියක් සලසා ගත්තේ යැයි බන්ධනාගාර ගතව සිටි මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා අද(23) නියෝග කළේය.