
(හිරාන් ප්රියංකර ජයසිංහ)
ඉන්ධන ලබා ගැනිමට මදුරන්කුලිය 10 කනුව ඉන්ධන හලට පැමිණි යතුරු පැදිකරුවකුගෙන් කිව්.ආර් .කේතය ඉල්ලා සිටියදී පොම්ප ක්රීයාකරුට එළව එළවා පහර දී ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි.
මෙම ඉන්ධන හලට යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු ඉන්ධන ලබා දෙන ලෙස පොම්පකරුට දන්වා ඇති බවත් එහිදි ඉන්ධන ලබා දීමට කිව්.ආර්.කේතය ඉල්ලා සිටි ඇති බව කියයි.
එහිදි කෝපයට පත්වු සැකකාර තරුණයන් තමන් මදුරන්කුලියේ බවත් අපිට මොන කිව්.ආර්. යන්න පරුෂ වචනයෙන් බනිමින් පොම්පකරුට එළව එළවා පහර දී ඇති බව කියයි.
අදාල සිදුවිම මෙම ඉන්ධන හලේ සි.සි.ටි.වි කැමරා වල සටහන්වි තිබි ඇති අතර අදාල සැකකරුවන් මදුරන්කුලිය අවට පිරිස් බව පැවසෙයි.
පහර දීමට සම්බන්ධ සැකකාර තරුණයන් හිස්වැසුම් පවා නොමැතිව පැමිණ සිට ඇති බවත් මොවුන් මත්පැන් පානය කර තිබු බවත් ඉන්ධන හලේ සේවයකියෝ පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd