මන්ත්‍රී අමිල පාර්ලිමේන්තු කුස්සිය නිරීක්ෂණය කරයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කරන්නට ගොස් තිබේ. 25 September 2025
බැකෝ සමන්ගේ ගෝලයෙක් කේරළ ගංජා සමඟ අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ ප්‍රශ්න කරනු ලැබූ අගුණු කොල පැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපේක්ෂක සම්පත් මනම්පේරි නමැත්තා ගේන් අනාවරණය වූ කරුණු මත බැකෝ සමන් නැමැත්තාගේ සමීපතමයෙකු රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කියයි. 25 September 2025
හෙරොයින්-ජීව උණ්ඩ-අත් විලංගු සමඟ හිටපු සෙබළා මාට්ටු මත්කරල් ,හෙරොයින් , ටී 56 ජීව උණ්ඩ සහ ආරක්ෂක අංශ නිළධාරීන් භාවිතා කරන අත් විලංගුවක් සමඟ හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි . 25 September 2025
සංචාරකයෝ ගොඩක් අපේ ප්ලේන් වලත් ඇවිත් මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක් පාවිච්චි කර තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2025
හිතුවටත් වඩා ආර්ථිකය වර්ධනය වෙලා මේ වන විට ඉලක්ක අභිබවමින් ලංකා ආර්ථිකය වර්ධනය කරගන්නට රජයට හැකියාව ලැබී තිබෙන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 September 2025
යල් පැනපු පනත් ඉක්මනට වෙනස් කරනවා ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පනත් වල තිබෙන යල් පැන ගිය තත්ත්වයන් කඩිනමින් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 25 September 2025
නා උයනේ අනතුර ගැන රනිලුත් දුක් වෙයි මැල්සිරිපුර පන්සිය ගම නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 25 September 2025
මැල්සිරිපුර අනතුරට මැතිසබයත් දුක්වෙයි මැල්සිරිපුර පන්සියගම නා උයන ථේරවාද බෞද්ධ ආරණ්‍ය සේනාසනයේ සිදුවූ හදිසි අනතුරින් ස්වාමීන් වහන්සේලා හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් ශෝකය පළ කරන බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනවි මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය 25 September 2025
නා උයන ආරණ්‍යයේ ඛේදවාචකය ගැන මහින්ද දුක් වෙයි මැල්සිරිපුර පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ශෝකජනක සිදුවීම අසා ඉතා කනගාටුවට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි. 25 September 2025
ණය කල් දමා ගන්න හැටි සජිත් කියයි පසුගිය ආණ්ඩුව ගෙනා කොන්දේසි වල සිර නොවී අලුත් කොන්දේසි වලට ගියා නම් ණය ගෙවීම 2033 දක්වා කල් ලබා ගන්න තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 25 September 2025
‘සිපෙට්කෝ ඉන්ධන අළෙවියෙන් කෝටි 1,070 ක ලාභයක් ලබයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ පළමු මාස අට තුළ ඛනිජ තෙල් පිරවුම්හල් ජාලය හරහා වෙළෙදාම් කිරීම තුළින් රුපියල් බිලියන 10.7 ක් හෙවත් රුපියල් කෝටි 1,070 ක ලාභයක් ලැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද (25) පැවසීය. 25 September 2025
බණ්ඩාරගම ප්‍රා.ස.හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට බණ්ඩාරගම වෑවිට වැවට ඒ බි සි ගල් යොදා අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි 25 September 2025
බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳ ලබන 09 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (25) නියෝග කළේය. 25 September 2025
නවසීලන්ත තානාපති කථානායක හමුවක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය. 25 September 2025
මැතිසබේ හිංසන සිද්ධිය: පරිපාලන අධ්‍යක්ෂිකාවගෙනුත් කටඋත්තරයක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු බාහිර විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 25 September 2025
රට පුරා පුංචි රෝහල් දහසක් අරින වැඩේ අරඹයි දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටු වීමේ වැඩසටහන යටතේ මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. 25 September 2025
’’පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා’’ පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය. 25 September 2025
ජනපති-ඕස්ට්‍රේලියා අගමැති ද්වි-පාර්ශ්වික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
රට පුරා සන්නද්ධ හමුදා කැඳවන ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 25 September 2025
විශ්වාසභංගෙට ගත් වාර්තා දෙකක් මැතිසබයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාව භාරදුන් අවස්ථාවේදී එම විශ්වාස භංග යෝජනාව භාර ගැනීමට හැකියාව ඇත්දැයි සෙවීමට නීතිපතිවරයාගෙන් සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයෙන් ලබා ගත් වාර්තා කතානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. 25 September 2025
ජනපති- පාකිස්ථාන අගමැති හමුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
ලංකා - පෘතුගාල නායකයෝ හමු වෙති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා (Marcelo Rebelo de Sousa) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 25 September 2025
වෑන්-ලොරි අනතුරින් හතරක් මරුට අනුරාධපුර තලාව මිහිරිගම දී අද (25) අලුයම 4.50 ට ඩොල්පින් වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිව්දෙනකු මිය ගොස් ඇති බව තලාව පොලිසිය කියයි. 25 September 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.. 25 September 2025
‘‘සුරක්ෂිත ලෝකයක් හදන්න එකට කැප වෙමු‘‘ මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ලෝක නායකයන්ට ඇරයුම් කළේය. 25 September 2025
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 September 2025
ජනපති-දකුණු අප්‍රිකා ජනපති හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුව නිව්යෝර්ක් නුවර ONE Plazaහිදී පැවැත්විණි. 24 September 2025
සිසු දඩුවම් පනත විවාදය කල් තබයි දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය. 24 September 2025
ට්‍රම්ප්ගේ නියෝජිත අනුර හමු වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති යෝජිත සහ ධවල මන්දිර ජනාධිපති කාර්ය මණ්ඩල අධ්යක්ෂ සර්ජියෝ ගෝර් (Sergio Gor) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. 24 September 2025
මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට) විවෘත කර ඇතැයි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය. 24 September 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025