’’සුගතදාස’’ කෝටි පහමාරක් වැරදි පාරෙන් තැන්පතු දාලා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් 2023 වර්ෂයේදී නිසි අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 31 March 2026
පුරාවිද්‍යා ලොක්කෝ පුරාවස්තු වාර්තාවෙන් කට්ටි පැනලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද සහ ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තූ පිළිබඳ වාර්තාව මාසයක් ඇතුළත කාරක සභාවට දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) එහි නිලධාරීන්ට නිර්දේශ කර ඇත. 31 March 2026
විදුලියේ ගැටලුවලට කම්කරු නි: ඇමතිගෙන් විසඳුම් ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින්, අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් සමග සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශයේදී ඊයේ පැවැත්විණි. 31 March 2026
බලශක්ති ඇමති ඉල්ලා අස්වෙන්න චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 31 March 2026
රයිස් - කොත්තු මිල ඉහළ යයි විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂ ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් ඉහළ දැමූ බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය. 31 March 2026
කොතල හිඹුටු සමඟ විදේශිකයා මාට්ටු ලෝකයේ ජනප්‍රිය ශ්‍රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් , භාවිතා කරමින් , කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ එරට වැසියෙකු අද(31 ) කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 March 2026
හොඳින් හෝ නරකින් හෝමූස් විවෘත කරනවා ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද්ධය දිනෙන් දින උණුසුම් වෙද්දී, හෝමූස් සමුද්‍ර සන්ධිය හොඳින් හෝ නරකින් විවෘත කිරීමට ඇමෙරිකාව කටයුතු කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසයි. 31 March 2026
ඉරාන යුද්ධයට යන වියදම අරාබි රටවලින් ඉල්ලා ගන්නවා ඉරානය සමඟ යුද වැදීමට ඇමෙරිකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය වී ඇති බැවින්, එම මුදල ඇමෙරිකන් හිතවාදී අරාබි ගල්ෆ් කලාපීය රටවලින් අය කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. 31 March 2026
දෙදරු පියාගේ සිරුර බෝක්කුවක් යට දින දෙකක් තිස්සේ නිවසින් අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ සිරුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවත් තුල තිබි අද(31) සොයා ගත්බව හැටන් පොලිසිය පැවසීය. 31 March 2026
ඉරානයේ ජල පිරිපහදුවලට පහර දෙන්න ට්‍රම්ප් සැරැසෙයි ඉරානයේ ජල පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා හමුදාව සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 31 March 2026
ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට මහ වැසි ඇෆ්ගනිස්තානයට සහ පාකිස්තානයට මහ වැසි ඇදහැලෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම්, නායයෑම් හේතුවෙන් දෙරටේ 45 දෙනෙකු මියගොස් ඇති බවත් දස දහසකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්ය. 31 March 2026
වී මෝලේ ගබඩාවේ යුරියා මිටි 3460 සඟවලා නීති විරෝධිව යුරියා කිලෝ පනහේ මිටි 3,460ක් ගබඩා කර තිබු මරදන්කඩවල,කවුඩාව ප්‍රදේශයේ පිහිටි වී මෝලකට අයත් ගබඩාවකට ඊයේ(30)දින මුද්‍රා තබන ලද බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි. 31 March 2026
හැටන් චණ්ඩි ළමෝ සුරැකුම් බාරයට හැටන් නගරයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් භාරයට ගැනුණ ළමුන් තිදෙනා අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන මස 6 වැනිදා තෙක් වෙිරලවත්ත ළමා සුරැකුම් මධ්‍යස්ථානයට බාර දෙන්නැයි හැටන් දිසා අධිකරණ විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහ ඊයේ (30) නියෝග කළේය. 31 March 2026
සිසු අපයෝජනයට විදුහල්පති අත්අඩංගුවේ සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා අද (31) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 31 March 2026
පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 31 March 2026
ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි 2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද(30) සිට අප්‍රේල් 30 දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2026
ලබන අයවැයට දැන් සිටම සූදානමක් සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පස්වරුවේ පැවැත්විණි. 30 March 2026
ඇමතිලාගේ “තෙල්” තුනෙන් එකකින් කපයි සියලූම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන අැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 30 March 2026
හවස තුනෙන් පසු AC තහනම් සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වර 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඉන්ධන හා බලශක්තිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සඳහන් කරයි. 30 March 2026
ශ්‍රීලන්කන් සභාපති ඉල්ලා අස්වෙයි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 30 March 2026
ඉදිරි සතිවල ජල කප්පාදුවක් රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 30 March 2026
’’ලක්විජයට’’ මැතිසබා කමිටුවෙන් නියෝගයක් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය 30 March 2026
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලක කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ මැණික් පතලක තිබී අද හමු වූ බව කහවත්ත පොලිසිය කියයි. 30 March 2026
ජල මණ්ඩලේ ව්‍යාපෘති ඉබාගාතේ ගිහින් “කෝප්” කෝප වෙයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කරන විවිධ ව්‍යාපෘති අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාරියෙකු නොමැතිවීම හේතුවෙන් ඉන් අපේක්ෂිත සේවය නිසි ආකාරයෙන් ගැනීමට නොහැකි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය. 30 March 2026
වකුගඩු ගල් ඉවත් කරන ජාතික මධ්‍යස්ථානය මීරිගමට මීරිගම මූලික රෝහලේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 30 March 2026
දිට්වා තොරතුරු වාර්තාවක් අගමැතිනියට දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් සිවිල් සමාජ සංවිධාන සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 30 March 2026
කෙහෙලියගේ කාලයේ ඖෂධ සැපයුම ගැන වෝහාරික විගණනයක් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසිමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 March 2026
බස් -යතුරුපැදි ගැටීමෙන් නාවික නිලධාරියා මරුට බදුල්ල රන්දෙනිගල මහනුවර මාර්ගයේ බුද්ධංකෝට්ට ප්‍රදේශයේදි අද (30) දහවල් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් යතුරුපැදියක ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් නාවික හමුදා නිළධාරියකු මියගිය බව කන්දකැටිය පොලිසිය පවසයි . 30 March 2026
විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 March 2026
‘‘ගෝඨාගේ ගේ වට කළ 54 දෙනකුගෙන් ප්‍රශ්න කරලා‘‘ පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාය නිවස වැටලීමේ සිද්ධිය පිළිබඳව කරන විමර්ශනයේදී සැකකරුවන් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති තුනක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 30 March 2026
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026